බස්නාහිර පළාත ඇතුළු දිවයිනේ ඇතැම් ප්රදේශවල දින කිහිපයක සිට පවතින ගෑස් හිඟය ඔක්තෝබර් 18 වැනිදා වනවිට යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇතැයි ලිට්රෝ සමාගම පවසයි.
එහි සභාපති චන්න ගුණවර්ධන මහතා සඳහන් කළේ මෙට්රික් ටොන් 3,500ක ගෑස් තොගයක් රැගත් නෞකාවක් නියමිත වේලාවට නොපැමිණීම හේතුවෙන් මෙම හිඟය ඇති වූ බවයි.
කෙසේ වෙතත්, අදාළ නෞකාව මේ වනවිට පැමිණ ඇති අතර, ගෑස් ගොඩබෑමේ කටයුතු ආරම්භ කර ඇති බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර, දිවයිනේ ඇතැම් ප්රදේශවල ලාෆ් ගෑස් හිඟයක්ද පවතින බව වාර්තා වේ.
















