නීතිවිරෝධී, වාර්තා නොකළ සහ නියාමනය නොකළ (IUU) මසුන් ඇල්ලීමේ ක්‍රියාකාරකම් දැඩි ලෙස දඬුවම් ලැබිය හැකි වැරදි බවට පත් කරමින් සකස් කරන ලද නව පනතක් මේ වසර අවසන් වීමට පෙර ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ යටතේ පවතින 1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනත අහෝසි කරනු ඇතැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පවසයි.
නව සංශෝධිත පනත මඟින් වැරදිකරුවන්ට ලබා දෙන දඬුවම් සහ දඩ මුදල් ප්‍රමාණය ඉහළ නංවා ඇති අතර, කාලීන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි නව නීතිරීති රාශියක් ද ඊට ඇතුළත් කර තිබේ. දැනටමත් පනත් කෙටුම්පත සකස් කර නීති කෙටුම්පත් සම්පාදකවරයාගේ අනුමැතිය සඳහා යොමු කර ඇති අතර, ඉන් අනතුරුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කෙරේ.
විශේෂයෙන්ම ඉන්දීය ධීවරයන් විසින් සිදු කරනු ලබන තහනම් පතුල් ට්‍රෝල් මසුන් ඇල්ලීමේ ක්‍රමවේදය හේතුවෙන් සමුද්‍රීය පරිසර පද්ධතියට සහ කොරල් පරවලට සිදුවන හානිය අතිමහත් බව කහවත්ත මහතා පෙන්වා දී ඇත. ශ්‍රී ලංකා නාවික හමුදාවේ 2026 IUU වාර්තාවට අනුව, මේ වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ පමණක් නීතිවිරෝධී මසුන් ඇල්ලීමේ යෙදුණු සැකකරුවන් 352ක් අත්අඩංගුවට ගෙන ෙස්වයන් 90ක් අත්පත් කරගෙන තිබේ.














