උතුරු පළාතේ මුලතිව් වැලිඔය කිරීඉබ්බන්වැව කුම්බකර්ණගල ඉපැරණි බෞද්ධ විහාරයට අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර වහන්සේ නමක් වැඩම කරවා තිබේ. පුරාවද්යා වාර්තාවල කුම්භසාල ලෙන ලෙස සඳහන් වන මෙම ඓතිහාසික නටඹුන් සහිත විහාරභූමිය ඉදිරියේදී යළි ගොඩනැගීමේ කටයුතු සිදු කිරීමට නියමිත අතර, උතුරේ බෞද්ධ උරුමය සුරක්ෂිත කිරීමේ අරමුණින් මෙම බෝධීන් වහන්සේ වැඩම කරවීම සිදු කෙරිණි.
මෙම පුණ්යකෝට්ටස්ක අවස්ථාව හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, එම ප්‍රදේශයේ ආගමික පුනර්ජීවනය උදෙසා එය වැදගත් සන්ධිස්ථානයක් වනු ඇත.
















