ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ (NWSDB) පවතින කළමනාකරණ දුර්වලතා හේතුවෙන් ජල ගාස්තු ඉහළ නැංවීමට සිදුව ඇති බව විශේෂ විගණන වාර්තාවක් පෙන්වා දෙයි.
2022 සැප්තැම්බර් සිට 2024 අගෝස්තු දක්වා ක්‍රියාත්මක වූ ජල ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සකස් කරන ලද මෙම වාර්තාවට අනුව, වැඩිවන ශ්‍රම බලකා පිරිවැය, ජල සම්පාදන ව්‍යාපෘතිවල ප්‍රමාදයන් හේතුවෙන් සිදුවන ආදායම් අහිමිවීම්, ඉහළ යන නොමිලේ අපතේ යන ජල ප්‍රමාණය (Non-Revenue Water) සහ බලශක්ති පිරිවැය අවම කිරීමේ ව්‍යාපෘති ප්‍රමාද වීම යන කරුණු ගාස්තු වැඩිවීමට බලපා ඇත.
ව්‍යාපෘති ප්‍රමාද වීම් නිසා සිදුවන අලාභ පාරිභෝගිකයන් මත පැටවීමෙන් වැළකී සිටින ලෙසත්, මණ්ඩලයේ මෙහෙයුම් අකාර්යක්ෂමතා අවම කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙසත් විගණන වාර්තාව නිර්දේශ කර තිබේ.














