දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් පැය 48ක වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කර තිබුණද, ඊයේ මෙන්ම අදත් කාර්යාල දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. අද සවස් කාලයේදීද කාර්යාල දුම්රිය ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.
මෙම වැඩ වර්ජනය සැප්තැම්බර් 17 සහ 18 දෙදින සඳහා ක්‍රියාත්මක වන අතර, දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වෘත්තීය සමිති එය ආරම්භ කර තිබෙනවා.
ඇතැම් දුම්රිය ස්ථානවල ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ කටයුතු අඩාල වුවද, මගීන්ට අන්තර්ජාලය ඔස්සේ සහ Pravesha යෙදුම හරහා ප්‍රවේශපත්‍ර ලබාගත හැකි බව ද දුම්රිය බලධාරීන් සඳහන් කර තිබෙනවා.













