ශ්‍රී ලංකා රුපියලේ අගය ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු මට්ටමක වර්ධනයක් පෙන්නුම් කරමින් අද (28) දිනයේදී වාර්තා වී තිබෙනවා. මෙරට ප්‍රධාන පෙළේ වාණිජ බැංකු කිහිපයකම ඩොලරයේ විකුණුම් අනුපාතය රුපියල් 340 ක සීමාවේ ස්ථාවරව පවතින බවයි නවතම දත්ත මඟින් අනාවරණය වන්නේ.
ප්‍රධාන බැංකු වාර්තා කර ඇති ආකාරයට සේලාන් බැංකුවේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 331.75 ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 341.00 ක් ලෙසත් කිසිදු වෙනසක්කින් තොරව පවතිනවා. එන්.ඩී.බී. බැංකුවේ ගැනුම් මිල රුපියල් 331.75 ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 340.75 ක් ලෙසත් නොවස්ව පවතින අතර, සම්පත් බැංකුවේ ගැනුම් මිල රුපියල් 332.25 ක් සහ විකුණුම් මිල රුපියල් 340.25 ක් ලෙස සටහන් වී තිබෙනවා.
කෙසේ වෙතත්, මහජන බැංකුව (People’s Bank) සහ කොමර්ෂල් බැංකුව යන ආයතනවල ඩොලරයේ අගය සුළු පහළ යාමක් පෙන්වා දී තිබීම විශේෂත්වයක්. මහජන බැංකුවේ ගැනුම් මිල රුපියල් 331.71 දක්වාත්, විකුණුම් මිල රුපියල් 340.53 දක්වාත් පහළ ගොස් ඇති අතර, කොමර්ෂල් බැංකුවේ ගැනුම් මිල රුපියල් 330.05 ක් සහ විකුණුම් මිල රුපියල් 340.00 ක් ලෙස සටහන්ව තිබෙනවා.
මෙම අනුපාත වෙනස්වීම් හමුවේ වෙළඳපොළ තුළ සහ ආනයන-අපනයන ක්ෂේත්‍රය තුළ දැඩි අවධානයක් යොමු වී තිබෙනවා. ඩොලරයේ අගය මෙලෙස ස්ථාවර මට්ටමක පැවතීම ආර්ථිකයට ගෙන එන්නේ කුමන ආකාරයේ බලපෑමක්ද යන්න පිළිබඳව බොහෝ දෙනෙක් සාකච්ඡා කරමින් සිටිනවා.














