• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංකාවේ පළමු න්‍යෂ්ටික බලාගාරය 2032 වන විට ඉදිකළ හැකියි – ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය

16 May 2023
in දේශීය

පළමු න්‍යෂ්ටික බලාගාරය 2032 වන විට ශ්‍රී ලංකාවේ ඉදිකළ හැකි බව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය මේ බව පවසා සිටියේ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ වත්මන් තත්ත්වය සහ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා බලශක්ති හා ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (09) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

ශ්‍රී ලංකාව තුළ වෑද්දුම් ශිල්පය (Welding) සහ තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ නිපුණත්වයන් සහිත වෘත්තිකයන් බිහිකිරීම සම්බන්ධයෙන් කාරක සභාවේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. කොරියාව ඇතුළු කාර්මික රටවල මෙම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සඳහා විශාල ඉල්ලුමක් පවතින බවත් ශ්‍රී ලංකාවේ මෙම ක්ෂේත්‍රයේ විධිමත් සහතිකයන් සමග පුහුණු ශ්‍රමිකයන් බිහිකිරීමට විධිමත් යාන්ත්‍රණයක අවශ්‍යතාවය පිළිබඳ කාරක සභාවේ සාමාජිකයෝ පෙන්වා දුන්හ.

දැනටමත් මෙම අංශයේ වෘත්තීය පළපුරුද්ද ඇති සහ එම ක්ෂේත්‍රයට අලුතින් ඇතුළත් වන අය සඳහා පුහුණු සහ සහතික කිරීමේ ක්‍රමය මණ්ඩලය විසින් පවත්වාගෙන යනු ලබන පුහුණු මධ්‍යස්ථානයේ සිදු කරන බව නිලධාරීහු සඳහන් කළහ. එහෙත්, මෙම පුහුණුව පිළිබඳව ජනතාව අතර නිසි දැනුවත් වීමක් නොමැති බැවින් ඒ සඳහා සැලැස්මක් සකස් කර වැඩි වශයෙන් නවකයින් සම්බන්ධ කර ගැනීමට පියවර ගන්නා ලෙස කාරක සභාව විසින් උපදෙස් ලබා දෙන ලදී.

සෞදි අරාබියේ ගස් බිලියන 10ක් සිටුවීමේ ව්‍යාපෘතිය සඳහා ජීවානුහරණය කළ කොහු බත් ශ්‍රී ලංකාවෙන් ලබා ගැනීමට සෞදි අරාබිය බලාපොරොත්තු වන බව ද මෙහිදී සාකච්ඡා විය. ජීවානුහරණය සඳහා පහසුකම් ලබාදීමෙන් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටට ලබාගත හැකි බව කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා සඳහන් කළේය. ඒ අනුව, මෙම ජීවානුහරණය පහසුකම සකස් කිරීමට පියවර ගන්නා ලෙස කාරක සභාව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයට උපදෙස් දුන්නේය.

මෙම කාරක සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු දයාසිරි ජයසේකර, ගරු නලින් බණ්ඩාර ජයමහ, ගරු යදාමිනි ගුණවර්ධන, ගරු ඉසුරු දොඩංගොඩ, ගරු උදයකාන්ත ගුණතිලක, ගරු එම්. උදයකුමාර්, ගරු කුමාරසිරි රත්නායක සහ ගරු අකිල එල්ලාවල යන මහත්වරුන් සහභාගී වූහ.

Post Views: 25
Previous Post

විදේශ ගත ශ්‍රී ලාංකිකයින්ට රජයෙන් නිවාස ව්‍යාපෘතියක්

Next Post

විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීම ඇමැති කංචන ලෝක බැංකු නියෝජිතයන් සමග සාකච්ඡාවක

editor

editor

Next Post

විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීම ඇමැති කංචන ලෝක බැංකු නියෝජිතයන් සමග සාකච්ඡාවක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved