• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විදේශ ගත ශ්‍රී ලාංකිකයින්ට රජයෙන් නිවාස ව්‍යාපෘතියක්

16 May 2023
in සංවර්ධන

විදේශ ගත ශ්‍රී ලාංකිකයින්ගේ නිවාස සිහිනය සැබෑ කරමින්, ඔවුන් සදහා වන නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (16) දින නාගරික හා නිවාස සංවර්ධන රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගම මහතා සමග විදේශ ගත ශ්‍රමිකයින්ගේ නිවාස අවශ්‍යතාවය සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවේදිය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සමග ඒකාබද්ධව මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

විදේශ ගත ශ්‍රමිකයින් ඇතුළු විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ගේ අවශ්‍යතාවය අනුව නාගරික තට්ටු නිවාස සංකීර්ණ ලෙස හා ග්‍රාමීය තනි නිවාස සංකීර්ණ ලෙස මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. මීට අමතරව තමන්ගේ ඉඩමක නිවසක් ඉදිකිරීම සදහාද මේ යටතේ කටයුතු කිරීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මේ සදහා වන මූල්‍ය දායකත්වය ලබාදීමට නියමිතය.

විදේශ ගත ශ්‍රමිකයින්ගේ නිවාස අවශ්‍යතාවය සම්බන්ධයෙන් වන සමීක්ෂණයක් ලබන සදුදා දිනයේදී ආරම්භ කිරීමට එහිදී තීරණය විය. සති දෙකක් තුළදී එම තොරතුරු ලබාගැනීමට අපේක්ෂිත අතර දිවයින පුරා සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත කර සිටින සංවර්ධන නිලධාරීන්, තානාපති කාර්යාල හරහා මෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවිය හරහා මෙම සමීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.

විදේශ ගත ශ්‍රමිකයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඉලක්ක කරගෙන පවත්වනු ලබන සමීක්ෂණයෙන් ලබාගන්නා දත්ත විස්ලේශනය කිරීමෙන් පසුව ඉදිකරනු ලබන නිවාස වර්ග, නිවාස සංඛ්‍යාව හා නිවාස ඉදිකරනු ලබන ප්‍රෙද්ශ හදුනාගැනීමට නියමිතය. ඉන් පසුව නිවාස සංවර්ධන අධිකාරිය සතු සහ රජය සතු ඉඩම් යොදා ගනිමින් නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

මෙම සාකච්ඡාව සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති හිල්මි අසීස්, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරිආරච්චි යන මහත්වරු ඇතුළු නිලධාරීහු එක්ව සිටියහ.

Post Views: 19
Previous Post

සෙනෙහස”පිරිමි ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ ළමා උද්‍යානය විවෘත කෙරේ

Next Post

ශ්‍රී ලංකාවේ පළමු න්‍යෂ්ටික බලාගාරය 2032 වන විට ඉදිකළ හැකියි – ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය

editor

editor

Next Post

ශ්‍රී ලංකාවේ පළමු න්‍යෂ්ටික බලාගාරය 2032 වන විට ඉදිකළ හැකියි - ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved