වර්තමානයේ ලෝකය මුහුණ දෙන පාරිසරික අර්බුද එක රටකට පමණක් තනිව විසඳිය නොහැකි බැවින්, ඒ සඳහා සියලු රටවල් එකමුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා අවධාරණය කරයි.
චීනයේ පැවැත්වෙන ගෝලීය සංවර්ධන මුලපිරීම (GDI) යටතේ වන “වන සම්පත් කළමනාකරණය සහ හරිත සංවර්ධනය” පිළිබඳ අමාත්‍ය මට්ටමේ ජාත්‍යන්තර වැඩමුළුව අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. ජූලි 24 සිට 30 දක්වා පැවැත්වෙන මෙම සමුළුවේදී ශ්‍රී ලංකාවේ වන සුරක්ෂිතතාව සහ හරිත සංවර්ධනය උදෙසා උණ බම්බු කර්මාන්තය දියුණු කිරීම, ලැව්ගිනි පාලනය සහ වන විද්‍යා විද්‍යාලය නංවාලීම සඳහා වන ප්‍රධාන සහයෝගතා ඉල්ලීම් 3ක් ද චීන රජය වෙත ඉදිරිපත් කර ඇත.














