ගෑස් මිල අඩු කිරීම හේතුවෙන් කිරි තේ කෝප්පයක සහ ප්ලේන් ටී කෝප්පයක මිල රුපියල් 5කින් අඩු කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි.
අද (05) මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල අඩු කිරීම ක්‍රියාත්මක වන බව එම සංගමය සඳහන් කරන අතර, කෙසේ වෙතත් කෙටි ආහාරවල මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව ද ඔවුන් වැඩිදුරටත් දන්වා සිටියි.















