විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන වැලිඔය ප්‍රියන්ත නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරනු ලබන ප්‍රධාන ගෝලයෙකු විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කහතුඩුව හෝමාගම මාර්ගයෙහි පිහිටි වෙළඳසැලක් ඉදිරිපිටදී අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටියදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 123ක් සහ මිලිග්‍රෑම් 500ක්, ජංගම දුරකතනයක් සහ විද්‍යුත් තරාදියක් විශේෂ කාර්ය බළකා භාරයට ගෙන ඇත.
කහතුඩුව, පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු වන මොහු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කහතුඩුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බව වාර්තා වේ.
















