කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නවතම නිවේදනයකට අනුව, අද දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු සහ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතී. අද මධ්‍යහ්න 12.00ට නිකුත් කරන ලද මෙම අවවාදාත්මක නිවේදනය අද රාත්‍රී 11.30 දක්වා බලාත්මක වේ. විශේෂයෙන්ම සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු – මැද පළාත්වල මෙන්ම වව්නියාව, මුලතිව්, කිලිනොච්චි, මන්නාරම, කුරුණෑගල සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල පස්වරු 1.00න් පසු මෙම තත්ත්වය බලාපොරොත්තු විය හැක. ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බැවින්, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.














