ජාත්‍යන්තර ගුවන් සේවා කර්මාන්තයේ ඉදිරි දශකය තුළ අපේක්ෂිත වර්ධනයත් සමඟ ගෝලීය වශයෙන් මතුවන කුසලතා සහිත වෘත්තිකයන්ගේ හිඟයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව සූදානම් වෙමින් පවතින බව නියෝජ්‍ය සිවිල් ගුවන් සේවා අමාත්‍ය ජනිත රුවන් කොඩිތුවක්කු මහතා පවසයි.
ගුවන් සේවා පුහුණු මධ්‍යස්ථානයක් කලාපීය මට්ටමින් ස්ථාපිත කිරීම සඳහා 2026 අය-වැය මඟින් රුපියල් මිලියන 600ක් වෙන් කර ඇති අතර, ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ (ICAO) අනුමැතිය සහ සහයෝගය ලබා ගනිමින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව මෙම මධ්‍යස්ථානය ක්‍රියාත්මක කිරීමට රජය නියමිත පියවර ගනිමින් සිටී.














