‘ඩිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස හානියට පත්ව තිබූ උඩරට දුම්රිය මාර්ගයේ නානුඔය සහ අඹේවෙල අතර කොටසේ අලුත්වැඩියා කටයුතු අවසන් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එම අලුත්වැඩියා කටයුතු නිම වීමත් සමඟ, නානුඔය සිට බදුල්ල දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය සේවා ලබන සෙනසුරාදා (20) දින සිට විශේෂ කාලසටහනකට අනුව යළි ආරම්භ කිරීමට නියමිත බව බලධාරීන් පවසයි. මෙම දුම්රිය සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා සංශෝධිත කාලසටහනක් යටතේ දුම්රිය ධාවනය කිරීමට දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
මේ අතර, රඹුක්කන සහ නානුඔය අතර උඩරට දුම්රිය මාර්ගයේ හානියට පත් වූ තවත් ස්ථාන කිහිපයක නඩත්තු සහ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විටත් සිදු කෙරෙමින් පවතින බවත්, එම කොටස්වල ප්‍රතිසංස්කරණ කටයුතු ද අඛණ්ඩව සිදුවන බවත් නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේය.
















