ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් ක්‍රියාත්මක වන බවත්, එය ඉදිරි පැය 48 තුළ දිවයිනෙන් ඉවතට ගමන් කරමින් ක්‍රමයෙන් දුර්වල වනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි. මෙම පද්ධතිය හේතුවෙන් තවදුරටත් අහස වලාකුළින් බරව පවතින අතර දිවයිනේ ප්‍රදේශ රැසකටම වැසි සහිත කාලගුණයක් පවතින බව වාර්තා වේ.
නායයාමේ අවදානම සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) අද (13) පෙරවරුවේ නිකුත් කළ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය හෙට (14) පෙරවරු 09.00 දක්වා තවදුරටත් බලාත්මක වේ. එමෙන්ම පවතින අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ ප්‍රධාන ජලාශ 16ක් මේ වන විටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග බලධාරීහු පවසති.
දිස්ත්‍රික්ක කිහිපයකට මිලිමීටර් 200 ඉක්මවූ ඉතා තද වැසි ඇති විය හැකි බැවින්, පහත් බිම්වල පදිංචි ජනතාව සහ කඳුකර ප්‍රදේශවල ජනතාව නායයාම් සහ ගංවතුර අවදානම පිළිබඳව දැඩි ලෙස අවදියෙන් පසුවිය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.














