ශ්‍රීලංකන් ගුවන් සේවයේ 47 වැනි සංවත්සරය සැප්තැම්බර් 1 වැනිදා සමරනු ලැබූ අතර, 1979 වසරේ Air Lanka ලෙස ආරම්භ වූ ජාතික ගුවන් සේවයේ ගමන් මඟ වසර 47ක් පුරා විකාශනය වී තිබේ. 1999 වසරේදී Air Lanka නාමය SriLankan Airlines ලෙස වෙනස් කරනු ලැබීය.
ශ්‍රීලංකන් Aviation College විසින් ක්‍රියාත්මක කරන ‘The Skyline Stories’ සංවාද මාලාව හරහා ගුවන් සේවා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ අනාගත ගුවන් සේවා වෘත්තිකයන් අතර අත්දැකීම් හා දැනුම හුවමාරු කරගැනීමට අවස්ථාව ලබාදෙන බව ශ්‍රීලංකන් Aviation College සඳහන් කරයි.
මෙම සංවාද මාලාවේ නවතම වැඩසටහන්වලදී ගුවන් මෙහෙයුම්, පුහුණුව, නායකත්වය සහ වාණිජ ගුවන් සේවා ඇතුළු ක්ෂේත්‍ර සම්බන්ධයෙන් සිසුන්ට ක්ෂේත්‍ර අත්දැකීම් ලබාදීමට කටයුතු කර ඇති අතර, එය අනාගත ගුවන් සේවා වෘත්තිකයන්ගේ වෘත්තීය දැනුම වර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වේ.














