• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රි ලංකාවේ දේශපාලනය නව මගකට යොමු කරනවා – දිලිත් ජයවීර

8 January 2024
in දේශීය, පුවත්
ශ්‍රි ලංකාවේ දේශපාලනය නව මගකට යොමු කරනවා – දිලිත් ජයවීර

ජනතාවට යහපත්, අයහපත් ඕනෑම පනතක් පාර්ලිමේන්තුව තුළ සම්මත වන්නේ ප්‍රධාන පක්ෂ කිහිපය එකට එක් වී සිටින නිසා බවත් එහෙත් එය ජනතාවට නොපෙන්වන බවත් මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මහනුවර සහස් උයනේදි ඊයේ (07) පැවති මහනුවර දිස්තික්‍රක් සමුලුව අමතමින්ය.

එහිදී දිලිත් ජයවීර මහතා වැඩිදුරටත් මෙසේ අදහස් පල කලේය “ එළියේ තිබෙන දේශපාලන රික්තය නිසා අපිට සොභාවධර්මයා විසින් ලබාදුන් ආශිර්වාදයක් ළෙස සලකා ශ්‍රි ලංකාවේ දේශපාලනය නව මගකට යොමු කිරීම තමයි අපේ අරමුණ. අප රෙට් ඉතිහාසය පුරාම දේශපාලනය බල කඳවුරු දෙකකට බෙදිල තිබුණා. ඒ කඳවුරු දෙකට තිබුණු ඡන්ද අද වෙනස් වෙලා. සමීක්ෂණ වාර්තාවලින් පැහැදිළිව ප්‍රකාශ කරන්නේ සියයට 60 කට වැඩි පිරිසක් ඒ සාම්ප්‍රදායික කඳවුරුවලින් මිදිලා නව විසඳුමකට එමින් සිටින බව. ඒ නව විසඳුම කුමක්ද. ඒ සදහා කිනම් සාධනීය අවකාශයක් ප්‍රවේශයක් තිබේද කියල තමයි සාකච්ඡා කළ යුත්තේ. අවලාද මඩ ගැහිලි මැද අපි ඉදිරියට යන්නේ නැහ. ඉදිරියට ගිහිල්ල තියෙන්නේ සුලු පිරිසක් පමණයි. ශ්‍රි ලංකාවේ තවත් රැකියාවක් හැටියට දේශපාලනයේ නිරතව ඉන්න, මේක වෘත්තියක් විදියට කරගෙන ඉන්න බොහෝ දෙනා මේ දේශපාලනය ඇදගෙන ඇවිත් තියෙනවා මෙතනට. ඒ නිසා තමයි අද රටට මේ තත්වය උද්ගතවෙලා තියෙන්නේ. අපි සංකල්ප හතරක් ගැන කතා කරනවා. සභ්‍යත්වය, ව්‍යවසායකත්ව රාජ්‍ය, අභිප්‍රෙරණය හා උපාය මාර්ගික සැලස්ම. ඒ තමයි ඒ හතර. අපි කතා කරන්නේ මේ හතර ගැන විතරයි. අපි මේ හතරෙන් එළියට දක්කාගෙන යන්න හදන සියලු සාම්ප්‍රදායික දේශපාලනයන්ට දේශපාලන බලවේගවලට මම නැවත නැවත ආරාධනා කරනවා අපි ඔය මඩ වලට ඇදගෙන යන්න එපා කියල. මම සුදාමින් සිටිනවා අනුර කුමාර සහෝදරයා එක්ක සජීව සාකච්ඡාවකට යන්න. මම නැවත නැවත ඔහුට ආරාධනා කරනවා. අපිට අවශ්‍ය සාධක අපිම සපුරා ගත යුතුයි. මේ රටේ අද මිනිස්සු දුක්විදින විදිය අපි ඔක්කොම දන්නවා. අන්ත දුගි දුප්පත් තත්වයට රටේ මිනිස්සු සියයට 80ක්ම පත්වෙලා. වැඩිපිරිසකට කරකියා ගන්න දෙයක් නැහ. ලංකාවේ මධ්‍ය පරිමාණ මහාපාරිමාණ සුලු පරිමාණ ව්‍යාපාර සීග්‍රයෙන් වැහිල යනවා. පත්තර බලන විට තේරෙනවා ඇති මේ ව්‍යාපාර කොයිතරම් වෙන්දෙසි දානවද කියල. මේ කෙන් අපි මිදිය යුතුයි. අවලාද නගන මේ බාල දේශපාලනයෙන් අපි මිදිය යුතුයි. අපි ඉස්සරහාට යන්න ඕනෑ. අපේ රටේ තරුණයින්ට අගයක් තියෙන්න ඕනෑ. ජාති ආගම්වලට ගරුකරන ශිෂ්ටාචාරය පළමුවෙන්ම රැක ගත යුතුයි. ඒ තුලින් විතරයි මේ රටේ මානව ප්‍රාග්ධනය මේ සියලු දෙනා අතර එකතු වෙන්න පුලුවන් ක්‍රමය. පවතින දේශපාලන ප්‍රවාහය තුළ ප්‍රධාන පක්ෂ වන එජාපය, සජබ, ජාතික ජනබල වේගය, පොහොට්ටුව එක තැනකට එකතු වෙලා. ඒකයි පාර්ලිමේන්තුවේ හැම පනතක්ම සම්මත වෙන්නේ. මිල වැඩි කිරීම්, බදු වැඩිකිරීම් ඕනෑම වෙලාවක කරන්න පුලුවන්. ඔක්කොම එකට ඉන්නේ. ගමේ ඉන්න සෑම දුප්පත් මනුස්සයෙක්ම පවුලක්ම ගන්න සමෟද්ධිය කියන අටමගලය නැති කරල ඒ මිනිස්සු බලාත්මක කරමු. ඒ අය කීයක් හරි උපයා ගන්න වැඩපිළිවෙලකට යොමු කරමු. ඒකට තමයි ව්‍යවසායකත්ව රාජ්‍ය කියන්නේ. ඒ තුලින් ඇතිවෙන ප්‍රතිපලයක් ලෙස අන්තිම දුගි පැලටත් ඔවුන්ගේ විශ්වාසය මත කටයුතු කළ හැකියි. ඔවුන්ට සතුටින් ජිවත් වීමේ පරිසරයක් නිර්මාණය කළ යුතුයි. එයින් අදහස් වෙන්නේ නැහ ලංකාවේ ව්‍යවසායකයා අපි අමතක කළා කියලා. අද රටේ ව්‍යවසායකයා අතින් රටට ලොකු සේවයක් වෙනවා. ඔවුන් තමයි රැකියා ටිකවත් ලබල දෙන්නේ. රජය ගෙන යන මේ බදු ප්‍රතිපත්තියට වැඩිදුරක් යන්න වෙන්නේ නැහ. අද ලෝකේ සෑම රටක් දියුණු වෙලා තියෙන්නේ ව්‍යවසායකත්ව රාජ්‍යක් තුලින්. වසර 70ක් දුක්වින්ද ඉන්දියාව අද දියුනු වෙලා තියෙන්නේ මේ ව්‍යවසායකත්ව රාජ්‍ය මෝදි විසින් ඇතිකළ නිසා. ජනතාවගේ ඔලුවට හැමෝම සෘණාත්මක දේවල් පමණක් දැම්මොත් කවදාමත්ම මේ ජාතිය ගොඩ එන්නේ නැහ. ඒ නිසා තමයි අපි මේ සෘණාත්මක ප්‍රවේශය ප්‍රතික්ෂේප කරන්නේ. අපි කතාකරන්නෙ කරන්න පුලුවන් දේ ගැන පමණයි. අපේ ජනතාව දැනුම බුද්ධියෙන් පිරි පිරිසක්. අපි කියන මේ හැමදේකටම උපාය මාර්ගික සැලැස්මක් තියෙනවා. අපි කතා කරන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශණයේදිත් උපාය මාර්ගික සැලස්ම ගැන පමණයි. ඒකට දින වකවානු තිබෙනවා. ඒ අනුව වැඩකරල ඔබ හැම අභිප්‍රේරණය කරලා ජාතිකත්වය මත පදනම් වු රජයක් තුළ මේ වැටුණු වලෙන් ගොඩ ඒමට පුලුවන් කමක් තිබෙනවා. සාප්‍රදායික දේශපාලන බලවේග එක්ක හැප්පෙන එක ඉතාම දුෂ්කර කාර්යයක්. නමුත් අපි ඊට වඩා එහාට ගිය උපාය මාර්ගික වැඩපිලිවෙළක් තුළ ජයග්‍රහණය කාර ගොස් ඉල්ලක ගත වැඩපිලිවෙළකට අනුව කටයුතු කරනවා. සාම්ප්‍රදායික දේශපාලන ගති ලක්ෂ අපි දන්වා ඒවා අතික්‍රමණය කරමු.” යැයි දිලිත් ජයවීර මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

Post Views: 45
Previous Post

ජනාධිපතිවරණය එළැඹෙන ඔක්තෝම්බර්වලදී !

Next Post

TIN අංකය ලබා ගැනීමේ පහසුකම් පුළුල් කෙරේ – රාජ්‍ය අමාත්‍ය රංජිත්

editor ttvnews

editor ttvnews

Next Post

TIN අංකය ලබා ගැනීමේ පහසුකම් පුළුල් කෙරේ - රාජ්‍ය අමාත්‍ය රංජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved