භාණ්ඩාගාරයට අයත් ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් විසින් වෙනත් ගිණුමකට යොමු කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩතහනමට ලක්ව සිටි මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයෙකු මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ 50 හැවිරිදි වියේ පසුවූ නිලධාරියෙකි. ඔහුගේ මළ සිරුර කුලියාපිටියේ පිහිටි ඔහුගේ නිවසේ තිබී හමුවූ බව පොලීසිය සඳහන් කරයි. මෙම මරණය ඝාතනයක් ද නැතහොත් සියදිවි නසා ගැනීමක් ද යන්න පිළිබඳව මෙතෙක් තහවුරු වී නොමැති අතර ඒ පිළිබඳව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














