මහනුවර ජාතික රෝහල සඳහා ඍණ පීඩන හුදකලා කාමර (Negative Pressure Isolation Rooms) 50කින් යුතුව ආරම්භ කළ සිව්මහල් ගොඩනැගිලි ව්‍යාපෘතියේ මුළු පිරිවැය ඇස්තමේන්තුව රුපියල් මිලියන 1,094.22ක් දක්වා සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත. 2021 වසරේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 1.2ක (එවක රුපියල් මිලියන 236ක්) ඇස්තමේන්තුවකින් සාර්ක් සංවර්ධන අරමුදලේ ප්‍රදානයක් යටතේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි.
ව්‍යාපෘතියේ විෂය පථය සංශෝධනය කරමින් හුදකලා කාමර සංඛ්‍යාව 23ක් දක්වා අඩු කිරීමටත්, පිරිමි වාට්ටුවක් (ඇඳන් 25) සහ කාන්තා වාට්ටුවක් (ඇඳන් 20) එක් කිරීමෙන් මුළු ඇඳන් ධාරිතාව 68 දක්වා වැඩිකිරීමටත් පියවර ගෙන තිබේ. මේ වන විට රුපියල් මිලියන 282.24ක වැඩ අවසන් කර ඇති අතර, ඉතිරි වැඩ කටයුතු සම්පූර්ණ කිරීම සඳහා ව්‍යාපෘති කාලය 2027 දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කර ඇත.
















