• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලෙබනනයට එන ශ්‍රී ලාංකිකයන්ගේ PCR පරීක්ෂණ නොමිලේ

6 June 2020
in දේශීය

සිය රට එන ශ්‍රී ලාංකිකයන්ගේ PCR පරීක්ෂණ ගාස්තු අය කිරීමකින් තොරව එරටදීම සිදු කිරීමට ලෙබනන් රජය තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියේ ලෙබනනයට පැමිණීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව බෙහෙවින් වැඩි වී ඇති බැවින් ලෙබනනය ප්‍රදානය කළ සහනය නිසා විදේශ විනිමය විශාල ප්‍රමාණයක් ඉතිරිකර ගැනීමට හැකි වෙයි.

එසේම විශේෂයෙන් කොවිඩ් 19 ව්‍යාප්තිය ඉහළ මට්ටමක පවතින රටවල් ඇතුළු විදේශයන්හි සිට මව්බිමට එන ශ්‍රී ලාංකිකයන්ගේ PCR පරීක්ෂණ අදාළ රටවලදීම සිදු කොට වාර්තා ලබා ගැනීමේ හැකියාව සොයා බලන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එතෙරදී පරීක්ෂණ කරනුයේ යළි දිවයිනට පැමිණීමෙන් පසුව කෙරෙන පරීක්ෂණයට අමතරවය.

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි බේරුට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ලෙබනන් විදේශ අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස නොමිලේ එරටදී PCR පරීක්ෂණ කිරීමට එකඟත්වය පළ විය.

මැද පෙරදිග රටවල සිට සිය රට එන සැලකිය යුතු පිරිසකට කොවිඩ් ආසාධනය වී ඇති බවට තොරතුරු ලැබී තිබේ. නිරෝධායන සහ සෞඛ්‍ය පහසුකම් සැලසීමේ දී මේ තත්වය අතිරේක ගැටලුවක් බව කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය සමග පසුගියදා කළ සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මැද පෙරදිග සෙසු රටවල සිට යළි සිය රට එන ශ්‍රී ලාංකිකයන්ට ඒ රටවලදි PCR පරීක්ෂණයෙන් පසු ගෙන්වා ගැනීමට රජය සැලසුම් කර ඇත.

Post Views: 12
Previous Post

නැවත දැනුම් දෙන තුරු අද සිට රට පුරා ඇඳිරි නීතිය පැය 05 ක් පමණයි

Next Post

පොදු ප්‍රවාහනය ගැන අවසන් තීරණය ජනපති අතර සාකච්ඡාවෙන් පසුවයි – ඇමැති අමරවීර කියයි

editor

editor

Next Post

පොදු ප්‍රවාහනය ගැන අවසන් තීරණය ජනපති අතර සාකච්ඡාවෙන් පසුවයි - ඇමැති අමරවීර කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved