• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පොදු ප්‍රවාහනය ගැන අවසන් තීරණය ජනපති අතර සාකච්ඡාවෙන් පසුවයි – ඇමැති අමරවීර කියයි

7 June 2020
in දේශීය

පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒම සම්බන්ධව අවසාන තීරණය හෙට (08) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් පසුව ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

හෙට සිට (08) පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍යාංශය කලින් සැලසුම් කර තිබිනි.

එහෙත් පොදු ප්‍රවාහන සේවා සැපයීමේ දී විශේෂයෙන් අන්තර් පළාත් බස් රථ ධාවනයේ දී සෞඛ්‍ය අංශවල උපදෙස් මත පසුගිය සිකුරාදා (05) ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නිවේදනය අනුව ක්‍රියාත්මක කිරීමට සිදු ව තිබේ. එහි සඳහන් කර තිබෙන්නේ කොළඹ හා ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්ක අතර ‌පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කළ යුතු බවයි.

හෙට දින ජනාධිපතිවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාවේ දී සෞඛ්‍ය අංශ විසින් ලබා දෙන උපදෙස් පරිදි ඉදිරි පොදු ප්‍රවාහණ සේවාවන් සැලසුම් කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කර සිටී.

පොදු ප්‍රවාහනයේ දී සෞඛ්‍ය අංශ උපදෙස් මත ආසන ගණනට පමණක් මගී ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමේ දී දැනට ලංගම හා පුද්ගලික අංශය සතුව තිබෙන බස් රථ ප්‍රමාණවත් නොවන බව පෙනී ගොස් තිබේ. ඒ සඳහා විකල්පයක් ලෙස සංචාරක සේවා මෙන්ම දැනට ලියාපදිංචිය සඳහා පොරොත්තු ලේඛනයේ ඇති බස් රථ, මගී ප්‍රවාහණය සඳහා තාවකාලිකව ලියාපදිංචි කිරීමට පියවර ගෙන ඇත.

එහෙත් ඒවා මගී ප්‍රවාහන සේවාවන් සඳහා පුද්ගලික බස් රථවලට හානියක් නොවන පරිදි අවශ්‍යවුවහොත් පමණක් යොදා ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනාගමන කොමිසමට වැඩිදුරටත් උපදෙස් දි තිබේ.

Post Views: 7
Previous Post

ලෙබනනයට එන ශ්‍රී ලාංකිකයන්ගේ PCR පරීක්ෂණ නොමිලේ

Next Post

මහමැතිවරණය කවදාද ? තීරණය අදත් කල් යාවිද?

editor

editor

Next Post

මහමැතිවරණය කවදාද ? තීරණය අදත් කල් යාවිද?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved