• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදේශ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන් රටට ශක්තියක් – අගමැති

28 July 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

විදේශ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන් රටට ශක්තියක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ විදේශ අමාත්‍යංශයේ කුරුණෑගල ප්‍රාදේශිය කොන්සියුලර් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට අරලියගහ මන්දිරයේ සිට අන්තර්ජාල වීඩියෝ තාක්ෂණය ඔස්සේ සජීවීව සම්බන්ධ වෙමිනි.

කුරුණෑගල, පරිවාස ගොඩනැගිල්ලේ තුන් වැනි මහලේ ස්ථාපිත කළ කුරුණෑගල ප්‍රාදේශිය කොන්සියුලර් කාර්යාලය විවෘත කිරීමේ සමරු ඵලකය විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් නිරාවරණය කළ අතර එම අවස්ථාවට මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ද එක්විය.

වයඹ පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ රාජා කොල්ලුරේ මහතා පීත්ත පටිය කපා කොන්සියුලර් කාර්යාලය විවෘත කිරීම සංකේතවත් කළේය.

එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ අදහස් පල කලේය

මිත්‍රවරුනි,

ඉතා දීර්ඝ කාලයක් කතාවට පමණක් සීමාවෙලා තිබුණ කොන්සියුලර් කාර්යාලයක අවශ්‍යතාවය කුරුණෑගලට ඉටු කර දීමට ලැබීම අපි භාග්‍යක් කොට සලකනවා.

අපි දන්නවා වයඹ පළාතෙ තමයි විශාල පිරිසක් විදෙස් රැකියාවලට යොමුවෙලා ඉන්නෙ. මේ අය කාලාන්තරයක් තිස්සෙ මේ අවශ්‍යතාවය පෙන්වා දුන්නත් කාටවත් මේ ගැන ඒ තරම් උනන්දුවක් තිබුණෙ නැහැ.

රජයක් විධියට අපි මේ අවශ්‍යතාවය දැක්කා. ඒ අනුව අද පටන් කුරුණෑගලට කොන්සියුලර් කාර්යාලයක් විවෘත කරලා දුන්නම, වයඹ පළාතට පමණක් නෙමෙයි ඒ අවට පළාත් බොහෝමයකට මේ කාර්යාලය අස්වැසිල්ලක් වෙයි කියලා අපි විශ්වාස කරනවා.

මිත්‍රවරුනි,

මේ රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ගෙන එන විදෙස්ගත ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන්, ඔවුන්ගෙ පවුල් වෙනුවෙන් අපි අපේ යුතුකම් ඉටු කළ යුතුයි. කොවිඩ් වසංගතය නොවන්න වැඩිම විදේශ විනිමය ප්‍රමාණයක් ලැබුණෙ ඔවුන්ගෙන් බව අප අමතක කළ යුතු නැහැ.

ඒ අය රට රැකියාවලට යන්නේ සැප විඳින්න නෙමෙයි. තමන්ගේ පවුල ශක්තිමත් කරලා දරුවන්ට උගන්වන්න. රටට බරක් වෙනවා වෙනුවට ඔවුන් රටට ශක්තියක් වන බවයි අපි විශ්වාස කරන්නෙ.

මිත්‍රවරුනි,

මේ අයට ඔවුන් ඉන්න රටවල් වලදී , රැකියා ස්ථානවල දී විවිධ ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙන බව අපි දන්නවා. සමහර විට ඒ රටවල් වල දී භාවිතයට ගන්න උප්පැන්න සහතික, අධ්‍යාපන සහතික, විවාහ සහතික පිළිබඳ ගැටලුත් එනවා. මේවා කඩිනමින් ඉටුකරගන්න උවමනා වුණාම ඔවුන්ගෙ පවුල්වල සාමාජිකයන්ට විශාල කරදරවලට මුහුණ පාන්න සිද්ධ වෙනවා.

අපි දන්නවා, රට රැකියාවල නිරතවෙලා ඉද්දි කරදරයක් වුණාම, හදිසි මරණයක් වුණාම ඒ සම්බන්ධ සහතික සත්‍යාපනය කරගන්න කොන්සියුලර් කාර්යාලයක් අනිවාර්යයෙන් අවශ්‍ය වෙනවා.

ඒ විතරක් නෙමෙයි රැකියාවකට හරි වෙනත් කටයුත්තකට හරි පිටරටකට ගිහින් කිසිදු තොරතුරක් සොයා ගන්න බැරි අය ගැන තොරතුරු සොයන්නත් ඒ අයගේ පවුල්වලට සහයවෙන්න තිබෙන්නෙ එක තැනයි. ඒ තමයි කොන්සියුලර් කාර්යාලය.

අද වෙනකම් මේ අයට ඒ කටයුතු කරගන්න කොළඹටම එන්න වුණා. ඒ නිසා ඒ අයගෙ පවුල්වල සාමාජිකයන්ට කාලයක් තිස්සේ තිබුණු ප්‍රශ්නයක් තමයි කොන්සියුලර් අංශයේ වැඩක් කර ගන්න උවමනා වුනාම ඒ හැම දේකටම කොළඹ යන එක.

රටේ වැඩි පිරිසක් කොළඹ කාර්යාලයට එන නිසා සමහර විට එක දවසින් වැඩේ කරගන්න බැරි වෙන්නත් පුළුවන්. දවසක් දෙකක් එන්න යන්නත් වෙනවා. එහෙම අවස්ථාවක දී කොළඹ කොහේ හරි නවතින්නත් ඕනේ. මේ හැමදේකටම මුදල් වැය වෙනවා. ඒත් කමක් නැහැ. මග තොටට විතරක් කොපමණ කාලයක් වැය වෙනවද?

හැබැයි උතුරෙයි දකුණෙයි ජනතාවට නම් ඒ ප්‍රශ්ණය තිබුණෙ නැහැ. ඒ අයට යාපනයේ සහ මාතර කොන්සියුලර් කාර්යාල පහසුකම තියෙන නිසා ඔවුන් ඒ කාර්යාලවල සේවාව ලබා ගන්නය හැකියාව තිබුණා.

මේ ගැන හිතලා තමයි අපි රටට විශාල විදේශ විනිමයක් ගෙන එන පිරිසක් ඉන්න වයඹටත් කොන්සියුලර් කාර්යාලයක් දෙන්න ඕනේ කියල තීරණය කළේ. දිනේෂ් ගුණවර්ධන අපේ විදේශ අමාත්‍යතුමා මෙම කටයුත්ත කඩිනමින් ඉටු කර දෙන්න විශාල කැපවීමක් කළ බව අපි දන්නවා. ඒ වගේම විදේශ අමාත්‍යංශයේ ලේකම්තුමා ඇතුළු නිලධාරින් සියලු දෙනාටත් මේ අවස්ථාවේ අප ස්තුති කළ යුතුයි.

මෙවැනි කාර්යයන්ට මුල පිරීම මගින් අපිට ජනතාවගෙ කටයුතු පහසු කර දෙන්න හැකිවෙනවා.

මිත්‍රවරුනි,

අපි මේ හැමදේම කරන්නෙ කොවිඩ් පාලනයට එන්නත්කරණය වේගවත් කරන ගමන්. රජයක් විධියට අපි ජීවිත බේරා ගැනීමට ප්‍රමුඛත්වය දී තිබෙනවා. සමහරු සංවර්ධන ව්‍යාපෘති කරනවාට විරුද්ධයි, ඒ අයට තිබෙන්නෙ දේශපාලන අවශ්‍යතා මිසක් රට හෝ ජනතාව ගැන කැක්කුමක් නෙමෙයි. තවත් සමහරු මේ වෙලාවේ පුළුවන් තරම් ආණ්ඩුවට පීඩනයක් දීලා විවිධ ඉල්ලීම් කරනවා. ජනතාව තේරුම්ගන්න ඕන, අපි ලෝක වසංගතයකට මුහුණ දෙමින් ජනතාව වෙනුවෙන් අදටත් උපරිමය ඉටු කරනවා.

ඒ නිසා, ජනතාව පැත්තෙනුත් මේ දේවල් කල්පනා කරනු ඇතැයි අපි විශ්වාස කරනවා. රජයක් විධියට ඔබේ අනාගතය, රටේ අනාගතය වෙනුවෙන් ගත යුතු නිවැරදිම තීන්දු කිසිදු පැටලීමක් නැතිව ගන්නා බවත් සිහිපත් කරමින්, අද විවෘත කළ මේ කොන්සියුලර් කාර්යාලය ඔස්සේ ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබා දීමට කැපවෙන්නැයි ඔබ තමුන්නාන්සෙලා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.
විශේෂයෙන්ම ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යතුමා මේ පිළිබඳ දැක්වු උනන්දුවට අපි එතුමාටත් අපේ ගෞරව ස්තූතිය පුද කරන්න ඔින.

ඔබ සැමට සුබ අනාගතයක් වේවා ! යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

මෙම අවස්ථාවට කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන සුමිත් උඩුකුඹුර, මංජුලා දිසානායක, ජයරත්න හේරත්, කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

 

Post Views: 8
Previous Post

කොවිඩ්වලින් ළමුන් බේරා ගැනීමට “Save the children” සංවිධානය සෞඛ්‍ය අමාත්‍යාංශයට සහාය වේ

Next Post

ආයෝජන අවස්ථා හඳුනා ගැනීමට සහ ප්‍රවර්ධනය කිරීමට විශේෂ වැඩපිළිවෙළක්- මුදල් අමාත්‍යංශය

editor

editor

Next Post

ආයෝජන අවස්ථා හඳුනා ගැනීමට සහ ප්‍රවර්ධනය කිරීමට විශේෂ වැඩපිළිවෙළක්- මුදල් අමාත්‍යංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025

Recent News

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved