• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

USAID ප්‍රදාන මගින් සිදුවන සංවර්ධන කටයුතු වේගවත් කිරීමට පියවර

7 June 2021
in දේශීය

අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනයේ (USAID), ප්‍රදාන මගින් ශ්‍රී ලංකාව තුළ සිදුවන සංවර්ධන කටයුතු වේගවත් කිරීමට පියවර ගැනීමට කටයුතු කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනයේ (USAID) ශ්‍රී ලංකා කාර්යාලයේ අධ්‍යක්ෂ රීඩ් ජේ. ඇෂ්ලිමන් (Reed J. Aeschliman) මහතා සමග අද (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී මේ පිළිබඳ සාකච්ඡා කෙරිණ.

USAID ප්‍රදාන මගින් දැනටමත් රට තුළ සංවර්ධන කටයුතු ගණනාවක් සිදු කෙරෙමින් පවතී. ඒවායේ ඇතැම් ව්‍යාපෘති විවිධ හේතූන් මත අක්‍රීයව පවතී. ඊට බලපා ඇති කරුණු පිළිබඳව සොයා බලා, එම සංවර්ධන කටයුතු කඩිනමින් නිම කිරීම පිළිබඳව දෙපාර්ශ්වය අතර සාකච්ඡාවට ලක්විය.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාරව රට තුළ දැවැන්ත සංවර්ධන ක්‍රියාදාමයක් සැලසුම් කර තිබේ. ඊට අනුකූලව USAID ප්‍රදාන මගින් කෙරෙන සංවර්ධන කටයුතු වඩා ඵලදායීව ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙනු ලැබිණි.

ඇමෙරිකා එක්සත් ජනපදයෙන් පරිත්‍යාග කෙරුණු ඩොලර් මිලියන 6කට අධික කොවිඩ් මර්දන වෛද්‍ය සහ සෞඛ්‍යාරක්ෂණ උපකරණ රැගත් විශේෂ ගුවන් යානයක් පසුගියදා මෙරටට ළඟා විය. ඊට සිය ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා කොවිඩ් මර්දනය වෙනුවෙන් රජය ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳව ද දැනුවත් කළේය.

ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානි කෙලී මාර්ටින් (Kelly Martin), අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනයේ වැඩසටහන් අධ්‍යක්ෂ, ක්‍රිස්ටෝපර් ෆෝලි (Chistopher Foley), ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් ලේකම් එස්.ආර්. ආටිගල සහ මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් අජිත් අබේසේකර යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 23
Previous Post

මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම් එක් දිනකට සීමාවේ

Next Post

ගම්පහ වැරැල්ලවත්ත කොලිටෙක්ස් ඇඟළුම් ආයතනය කොවිඩ් – 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස නම් කෙරේ

editor

editor

Next Post

ගම්පහ වැරැල්ලවත්ත කොලිටෙක්ස් ඇඟළුම් ආයතනය කොවිඩ් - 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස නම් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved