• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විශ්‍රාම වැටුප් ගෙවීම් විධිමත් කර ඒ පිළිබඳ ජනතාව දැනුවත් කරන්න

23 May 2023
in දේශීය

මෙරට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගන්නා සේවකයන් වෙනුවෙන් හිමි විශ්‍රාම වැටුප් අප්‍රමාදව ගෙවීමට සහ ඒ සඳහා ඇති වැඩපිළිවෙල පිළිබඳ ජනතාව නිසි පරිදි දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන්නේය.

විශ්‍රාම වැටුප ලැබීමට දිර්ඝ කාලයක් ගතවීම නිසා ජනතාව අපහසුතාවයට පත්වන බව සඳහන් කළ සභාපතිවරයා මෙය දිර්ඝ කාලයක් තිස්සේ පවතින ගැටළුවක් බවත් ඒ පිළිබඳ පැමිණිලි නිතර ලැබෙන බවත් පැවසීය.

මෙම කරුණු සාකච්ඡා වූයේ පසුගියදා පාර්ලිමේන්තුවේදී විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විවෘත සහ වගකිවයුතු රජයක් පිලිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත කැඳවූ අවස්ථාවේදීය.

මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ නිවැරදිව සම්පූර්ණ කරන ලද විශ්‍රාම වැටුප් අයදුම්පත්‍රයක් ලැබී මසක කාලයක් ඇතුළත ව්ශ්‍රාම වැටුප ගෙවීමේ හැකියාව පවතින බවයි.බොහෝ ගැටළු මතු වන්නේ අයදුම් පත්‍රය නිසි පරිදි සම්පූර්ණ නොවීම හේතුවෙන් බවද ඔවුහු පෙන්වා දුන්හ.

සාමාජික මන්ත්‍රීවරයන් සඳහන් කළේ සිය විශ්‍රාම වැටුප් පිළිබඳ තොරතුරු දැනගැනීමට නිසි ක්‍රමවේදයක් නොමැතිවීම හේතුවෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පිළිබඳ ජනතාව තුළ බලවත් කළකිරිමක් පවතින බවයි. ඒ නිසා මෙම ක්‍රමවේදය නවීන තාක්ෂණයද උපයෝගී කරගෙන ජනතාවට පහසුවෙන් සේවා සැලසෙන අයුරින් සැකසිය යුතු බවද මන්ත්‍රීවරු පෙන්වා දුන්හ. එමෙන්ම සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම විශ්‍රාම වැටුප් සම්බන්ධව කටයුතු කිරිම සඳහා උපාධිධාරි නිලධාරියෙක් පත් කිරීමට යෝජනා කරන ලෙසද මන්ත්‍රීවරු පැවසූහ.

මෙහිදි ඒ ඒ දිස්ත්‍රික්ක වලට අදාළ විශ්‍රාමිකයන්ගේ සංගම් කමිටුව වෙත කැඳවා ඔවුන්ගේ ගැටළු සාකච්ඡා කිරීම සුදුසු බව සාමාජික මන්ත්‍රීවරයන් විසින් යෝජනා කරන ලදී.

මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන මහින්දානන්ද අලුත්ගමගේ, මොහොමඩ් මුසාම්මිල්, ගුණතිලක රාජපක්ෂ, මර්ජාන් හලීල්, එම්. රාමේෂ්වරන්, කුමාරසිරි රත්නායක, කපිල අතුකෝරළ, යන මහත්වරු සහභාගී වූහ.

Post Views: 19
Previous Post

මාතලේ ඩෙංගු ව්‍යාප්තිය වැඩිවෙයි

Next Post

සුබසාධක ප්‍රතිලාභ ජූලි මස සිට සෘජුවම බැංකු ගිණුමට -සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය

editor

editor

Next Post

සුබසාධක ප්‍රතිලාභ ජූලි මස සිට සෘජුවම බැංකු ගිණුමට -සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved