• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොවිඩ් රැලි පරාජය කිරීමට ශක්තිමත් නායකත්වය සහ මහජන සෞඛ්‍ය පිළිවෙත් ඉවහල් වුණා – සෞඛ්‍ය ඇමති

7 September 2021
in දේශීය

කොවිඩ් ව්‍යසනය ආරම්භයේ සිට ඇති වූ වසංගත රැලි පරාජය කිරීම සඳහා මෙරට ශක්තිමත් මහජන සෞඛ්‍ය පිළිවෙත් සහ ශක්තිමත් නායකත්වය ඉවහල් වූ බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 74 වෙනි අග්නිදිග ආසියානු කලාපීය සමුළුවේ 2 වනදින සැසියට අද (7) එක්වෙමිනි.

සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන මෙම සමුළුව ලබන 10 වනදා දක්වා පැවැත්වේ. එම සමුළුවේ සභාපතිත්වය නේපාලයේ සෞඛ්‍ය සහ ජනගහන අමාත්‍ය Umesh Shrestha මහතා විසින් උසුලනු ලැබේ.

විශේෂයෙන් හදිසි තත්ත්වයන් මත පෙර සූදානම් වීම , ඒ තුළ වඩාත් ඉවහල් වූ බවද මනා කළමණාකරණයක් හා ශක්තිමත් වැඩපිළිවෙලක් ඔස්සේ කොවිඩ් ව්‍යසනය පරාජය කිරීම ප්‍රමුඛ අරමුණ බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ජීවිත රැක ගැනීම සහ ජනතාව ආරක්ෂා කරගැනීම යන ප්‍රමුඛ අරමුණ වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය යුද හමුදාව ඇතුළු රාජ්‍ය ආයතන සිවිල් සමාජය හා ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි හවුල්කරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

කොවිඩ් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු සමස්ත ලෝකයටම අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට බලපෑම් එල්ල වූ බැවින් “සියළු දෙනාටම සෞඛ්‍ය” යන අරමුණ ජය ගැනීම වෙනුවෙන් වසංගතයට පෙර සිටම ආරම්භ කරන ලද ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඉදිරියටත් ඉහළ නංවමින් ක්‍රියාත්මක කරන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මෙයට සමගාමීව කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා එම සමුළු නියෝජිතයන් දැනුවත් කළේය. එමෙන්ම සෞඛ්‍ය තොරතුරු සන්නිවේදනය පිළිබඳව හා එහි සන්නිවේදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් වන ප්‍රගතිය හා වත්මන් තත්ත්වය හා කරගෙන යනු ලබන වැඩපිළිවෙල මෙන්ම ක්‍රියාමාර්ග ද මෙහිදී පෙන්වා දෙනු ලැබීය.

 

 

 

Post Views: 5
Previous Post

බීසීසී ආයතනය එල් එස් පී නැචුරල් ෆුඩ් ප්‍රඩක්ට්ස් සමඟ ගිවිසුම්ගත වෙයි

Next Post

පාසල් විවෘත කරන්න සුදුසු වාතාවරණයක් නෑ – වෛද්‍ය හේමන්ත හේරත්

editor

editor

Next Post

පාසල් විවෘත කරන්න සුදුසු වාතාවරණයක් නෑ - වෛද්‍ය හේමන්ත හේරත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved