පාස්කු ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා මෙම මස 27 වැනි දින කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබේ.
පෙත්සම අද (21) කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා විසින් දේශන ඉදිරිපත් කිරීම අවසන් කර ඇති අතර, නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය ලබන 27 වැනි දින කරුණු දැක්වීමට නියමිතය.
















