කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරී කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 110ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 80ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
2026 ජූලි 08 වන දින වැල්ලම්පිටිය පොලිස් වසමේදී ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු 22 හැවිරිදි නිශාරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.
















