• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වර්ජනයට එක් නොවන ගුරුවරුන්ට තර්ජනය කළොත් දැඩි දඬුවම් – ඇමැති සරත්

17 September 2021
in දේශීය

වර්ජනයට සහභාගී නොවී මාර්ගගත ක්‍රමය ඔස්සේ උගන්වන ගුරුවරුන්ට, ගුරු වර්ජනය මෙහෙයවන පුද්ගලයන් විසින් මරණ තර්ජන කරන බවට වාර්තා වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.

රජයේ ප්‍රධාන පාසල් කිහිපයක ගුරුවරුන් තමා හමුවී මේ දැනුම්දී ඇතැයි පැවසූ ඔහු එවැනි ආකාරයේ තර්ජනය කරන්නන්ට දණ්ඩ නීති සංග්‍රහය යටතේ උපරිම දඬුවම් දෙන බවද කියා සිටියේය.

ගුරුවරුන් වැඩි පිරිසක් වර්ජනයට සහභාගී වන්නේ ස්ව කැමැත්තෙන් නොව වෙනත් පුද්ගලයන්ගේ බල කිරීම මත බවත් දරුවන්ට ආදරේ කරන වැදගත් ගුරුවරුන් බහුතරයක් සිටින බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා වර්ජනයේ නිරත නොවන ගුරුවරුන්ට තර්ජනය කළහොත් දුරකථන අංක 118 හෝ 119 අමතා පැමිණිලි කරන ලෙස ද ඉල්ලීමක් කළේය.

මෙවර 5 වසර ශිෂ්‍යත්ව, අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන්ට තවමත් වාර විභාග පවත්වා නැති බවත් පෙන්වාදුන් වීරසේකර මහතා සෞන්දර්ය විෂයයේ ප්‍රායෝගික පරීක්ෂණ පවත්වා නැති නිසා ප්‍රතිපල නිකුත් කිරීමට නොහැකිවී ඇතැයි පැවසීය. මෙසේ දූ දරුවන්ගේ අනාගතය අඳුරු නොකරන ලෙස ගුරුවරුන්ගෙන් ඔහු ඉල්ලීමක් ද කළේය.

Post Views: 7
Previous Post

ලග්ගල ආයුර්වේද බෙහෙත් ශාලාව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කෙරේ

Next Post

පාර්ලිමේන්තු රැස්වීම් එළඹෙන සතියේ 21 හා 22 වනදා පමණයි

editor

editor

Next Post

පාර්ලිමේන්තු රැස්වීම් එළඹෙන සතියේ 21 හා 22 වනදා පමණයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved