27 April 2024
#දේශීය

ලග්ගල ආයුර්වේද බෙහෙත් ශාලාව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කෙරේ

ලග්ගල ආයුර්වේද බෙහෙත් ශාලාව ආයුර්වේද ග්‍රාමීය රෝහලක් බවට පරිවර්තනය කිරීම සහ කොවිඩ් 19 අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස රෝගී සත්කාර සේවා ආරම්භ කිරීම අද ( 17)  පෙරවරුවේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

ඇදන් 68 කින් සමවිත මේ රෝහල සදහා ශ්‍රීලංකා මහවැලි අධිකාරියේ රුපියල් මිලියන 49 ක ප්‍රතිපාදන සහ මධ්‍යම පළාත් සභාව,දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ මුල්‍ය ප්‍රතිපාදන මගින් මුළු ප්‍රතිපාදන රුපියල් මිලියන 62.00 ක් වැය කර ඇත.

මාතලේ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රිවරුන් වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ,නාලක කොට්ටේගොඩ, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න , පළාත් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් බි.එච්.එන්. ජයවික්‍රම,ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න යන මහත්වරුන් ඇතුළු සීමිත ආරාධිත පිරිසකගේ සහභාගිත්වයෙන් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කටයුතු ආරම්භ කෙරිණ.

 

මාතලේ – මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *