විපක්ෂයේ ප්‍රධාන පෙළේ පක්ෂ නායකයෙකුගෙන් එම පක්ෂයේම මන්ත්‍රීවරුන් දස දෙනෙකු විශේෂ ඉල්ලීමක් කරමින් පාර්ලිමේන්තුවේදී ඔහු සිදුකරන කතා සීමා කර පක්ෂයේ සෙසු මන්ත්‍රීවරුන්ට වැඩි අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලා ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. නායකයා පමණක් දිගින් දිගටම කතා නොකර සෙසු පිරිසට ද අවස්ථාව ලබා දෙන්නේ නම් ඔහුව ඉහළම තනතුරකට රැගෙන යාමට තමන් සූදානම් බව මන්ත්‍රීවරුන් එහිදී පවසා ඇති අතර එම ඉල්ලීම හමුවේ පක්ෂ නායකයා නිහඬව සිට ඇති බව වාර්තා වේ. මේ අතර පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් නායකත්වය ප්‍රසිද්ධියේම විවේචනය කිරීම හේතුවෙන් අභ්‍යන්තර අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර පක්ෂයේ නිලතල කඩිනමින් සංශෝධනය කරන ලෙසට ද මන්ත්‍රී කණ්ඩායමෙන් නායකත්වයට දැඩි බලපෑම් එල්ල වෙමින් පවතී.














