දියතලාව මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින පාසල් සිසුන් 18 දෙනෙකු අතුරින් සිසුන් 10 දෙනෙකුම “මෙනින්ජයිටීස්” (Meningitis) හෙවත් මොළය සහ සුෂුම්නාව ආශ්‍රිත පටල ඉදිමීමේ රෝගයට ගොදුරු වී ඇති බව රෝහල් ආරංචි මාර්ග සනාථ කරයි. රෝහල්ගත කර සිටින අනෙක් සිසුන් 8 දෙනා ද දැනට අදාළ රෝග ලක්ෂණ සහිතව වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන අතර, මෙම තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් විසින් වැඩිදුර සායනික පරීක්ෂණ සහ විමර්ශන ඉතා කඩිනමින් සිදුකරමින් පවතී.
මේ හේතුවෙන් ප්‍රදේශයේ දෙමාපියන් දැඩි ලෙස අවධානයෙන් පසුවිය යුතු අතර, තම දරුවන්ට අධික උණ, හිසරදය, වමනය සහ බෙල්ලේ පවතින තද ගතිය (Neck Stiffness) වැනි රෝග ලක්ෂණ කිසිවක් ඇත්නම් කිසිසේත්ම ප්‍රමාද නොකර වහාම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා (PHI) හෝ ළඟම ඇති රජයේ රෝහල වෙත දැනුම් දී වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් දෙයි.














