• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සජිත් අගමැතිකම එපා කිව්ව එකට ස්තුතියි – ඇමැති මනුෂ

10 July 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අගමැතිධූරය භාර නොගත් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාට අත් දෙකම උස්සලා ස්තුති කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 08 වනදා කුලියාපිටිය එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක අකිල විරාජ් කාරියවසම් මහතා විසින් සංවිධානය කර තිබූ කුලියාපිටිය එක්සත් ජාතික පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීමක් අමතමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කලේය ” ගෝඨාභය පත් නොවුනානම්, චන්දු්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ මේ රටේ ජනාධිපති නොවුනානම්, මේ රට මේ තරම් ආර්ථික ආගාධයකට ඇද වැටුනේ නැතිනම් මේ ර්ටේ කාටවත් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අගය තේරෙන්නේ නෑ. එදා රනිල් වික්‍රමසිංහ මහත්තයාට බැනපු, චෝදනා කරපු මිනිස්සු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද කියන්නේ අපිට වැරදුනා කියලයි. අපිට මීට කලින් රට සාමාන්‍ය තත්වයෙන් පැවති හැම වෙලාවකම අපේ නායකතුමා මේ දේවල් කරන්න හදන විට කකුලෙන් ඇද්දා. බදු පැනෙව්වම බදු කපනවා කියලා ඡන්දේ ගත්තා. පොහොරවලට දුන්න සහනාධාරය නැති කළාම පොහොර සහනාධාරයක් දෙන්නම් කියලා ඡන්දේ ගත්තා. ඒ වගේ ඡන්දය ගැනීම වෙනුවෙන් පොරොන්දු දෙන, මිනිස්සු රවට දේශපාලනය අවසන් වන තරමට මිනිස්සු හෙම්බත්වෙලා ඉන්නේ. හරි මාවතක, ගමනක් යන්න පුලුවන් වෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්ක පමණයි කියන එක මිනිස්සු තේරුම් අරගෙන ඉවරයි. තෙල්, බෙහෙත්, ගෑස් නැතිව මිනිස්සු පෝලිම්වල මැරෙන්න යන වෙලාවේ අපි කෑ ගහලා කිව්ව වගේ සජිත් ප්‍රේමදාස මහත්තයා රට භාරගත්තා නම් මොකද වෙන්නේ? එදා අගමැතිධූරය භාර නොගැනීම සම්බන්ධයෙන් අපි අත් දෙකම උස්සලා ස්තුතිවන්ත වෙන්න ඕන. ඔහු එදා අගමැතිධූරය භාරගත්තා නම් මේ රට මෙහෙම ගොඩ ගන්න ලැබෙන්නේ නෑ. පාර්ලිමේන්තුව ගිනි තියන්න ආපු ත්‍රාඩයින් හරවලා යවන්න ඔහුට පුලුවන් වේවිද? අපි අපේ මිනිස්සුන්ගේ දේවල් බලාගන්නම් කියලා ඇමරිකාවට, එංගලන්තයට, කැනඩාවට කියන්න පුලුවන් වේවිද? අපේ රටේ මිනිසුන්ගේ ආරක්ෂාව සියල්ලටම වඩා වැදගත් කියලා කියන්න පුලුවන් වේවිද? හැම දේටම වඩා මට මගේ රටේ මිනිස්සුන්ගේ ජීවිත වැදගත් කියලා කියන්න පුලුවන් වේවිද? සජිත් ප්‍රේමදාසටග එහෙම කියන්න කොන්දක් නෑ. ඒ කොන්ද තිබුනේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට විතරයි. මේ රට ගොඩ නැගීමේ සිහිනය, මේ රට සංවර්ධිත රටක් බවට පත් කරනවා කියන අදිශ්ඨානය හැර දෙන කිසිවක් එතුමට තිබුණේ නෑ. හතර වටෙන් වට කරලා ගහද්දී, ගේ ගිනි තියද්දීත්, මේ ර්ටේ මිනිස්සුන්ගේ ජීවිත වටිනවා කියලා හිතන නිසා තමයි එතුමා මේ අභියෝග භාරගත්තේ. එතුමා මේ අභියෝගය භාරගත්තේ නැතිනම් කී දාහකගේ ගෙවල් ගිනි තියලද? අද පාර්ලිමේන්තුවක් නෑ. රට පාලනය කරන්නේ ත්‍රස්තවාදී කණ්ඩායම්. මේ තතව්ය වෙනස් කරලා රට අද තියෙන තත්වයට ගෙනාවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. දැන් අපි මේවා කරගෙන යනකොට එක එක අය, එක එක කතා කියනවා. ණය ප්‍රතිව්‍යුහගතකරණය කරපු වෙලාවේ නාලක ගොඩහේවා මහත්තයා එක එක කතා කිව්වා. විනිමය සුරකුම්පත් කොමිසමේ තිබුණ ප්‍රශ්ණ, ක්‍රිෂ් ගනුදෙනුව වෙලාවේ තිබුණ ප්‍රශ්ණ මතකද? ගෝඨාභය රාජපක්ෂ ගෙනාපු වියත්මගේ නායකයා ඇවිත් දැන් කියනවා ණය ප්‍රතිව්‍යුහතකරණය කළාට පස්සේ පොඩි පොඩි ප්‍රශ්ණ වෙනවා කියලා, ණය ප්‍රතිව්‍යුහගතකරණය කළේ නැතිනම් මෙකකද වෙන්නේ? ජී.එල්. පීරිස්ලාත් ඔය එක එක කතා කියනවා. රාජපක්ෂලා කරපු හැම එකටර යර්ස් යර්ස් කියපු අය තමයි මේ. දේශපාලනයේ විවිධ ප්‍රතිපත්ති තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් තමයි දේශපාලනය ඉගෙන ගත්තේ. නැතිනම් ප්‍රේමදාස මහත්තයා නැතිවුන වෙලාවේ ලංකාවට ගොඩ බැහැලා දැන් මගේ අම්මා ජනාධිපතිධූරයේ දිවුරුම් දෙන්නේ නැද්ද කියලා අහන්නේ නෑ නේ. ඒ තරම්වත් ව්‍යවස්ථාව දැනගෙන හිටියේ නෑ. දැන් ඔහු සමග ඉන්න හැමෝම එක්සත් ජාතික පක්ෂයේ හිටපු අය. අපේ පක්ෂයේ ප්‍රතිපත්තිවල හිටපු අය. එහෙම තිබියදී අද සජිත් ප්‍රේමදාසගේ උපදේශකයෝ වෙලා තියෙන්නේ, නාලක ගොඩහේවලා. ජී.එල්.පීරිස්ලා. ඩලස් අලහප්පෙරුමලා. එදා පාක්ෂිකයින් පක්ෂයෙන් ඈත් වුනේ පක්ෂයට ජනාධිපතිවරයෙක් පත් කරන්න. අද එක්සත් ජාතික පක්ෂයට ජනාධිපතිවරයෙක් ඉන්නවා. ඒ ජනාධිපතිවරයා රට හදනවා. එක්සත් ජාතික පක්ෂය නැවත ශක්තිමත් කරන ගමන අපි ආරම්භ කරනවා. පහුගිය කාලයේ අර්ථසාධකය ගැන කියපු කතා බිද වැටිලා. රටේ තිබුණ පරණ කම්කරු නීතිය වෙනස් කරලා අපි අලුත් කම්කරු නීතියක් ගේන්න අපි දළ පනත් කෙටුම්පත ගිය සතියේ ඉදිරිපත් කළා. පරණ කම්කරු නීතියේ තිබුණේ ඡන්ද ගන්න පුලුවන්, තමන්ට වාසි වෙන දේවල් විතරයි. හැබැයි දැන් අපි වාසි අවාසි බලන්නේ නෑ. රටේ යහපත, මිනිස්සුගේ යහපත වෙනුවෙන්, රට දියුනු කරන්න ඕන විදියට අපි මේ අන පනත් අරගෙන එනවා. ඒකටත් අර අර්ථසාධක අරමුදලට කියපු කතාම කියන්න පටන් ගනීවි. ඒත් අපි යන ගමන අපි යනවා. එදා 1990 ගිලන් රථ ගෙනාපු වෙලාවේ කියපු කතා ටික මතක් කරලා බලන්න. පාසල් ළමුන්ට ටැබ් දෙන වෙලාවේ මොන තරම් කතා කිව්වද? ටැබ් දුන්නොත් වද වෙනවා ඒ නිසා ටැබ් දෙන්න එපා කිව්වා. එම්.සී.සී. ගිවිසුම ගෙනාපු වෙලාවේ රට දෙකට බෙදෙනවා කියලා බිල්ලෙක් මවා පෑවා. ජපානයෙන් එන්න තිබුණ සැහැල්ලු දුම්රිය බොරු කතා කියලා ඒක නැති කරලා දැම්මා. එක්සත් ජාතික පක්ෂය රට හදන්න හදපු හැම වෙලාවකම කකුලෙන් ඇදලා දැම්මා. ඒ නිසා තමයි මම දැන් කියන්නේ රැවටෙන්න එපා කියලා. පාසල් ළමුන්ට ලිංගික අධ්‍යාපනය ලබාදෙන්න හතේ පොතට පාඩමක් දැම්මාම ඒකට මොන තරම් විරෝධයක් ආවාද? මේවා නැති කරපු නිසා තමයි ඔය ෆේස් බුක් එකෙන් මතුවෙන එක එක දේවල් මතුවෙන්න හේතුව මේ අධ්‍යාපනය නැති කරපු එක. එකක් ජපානයෙන් මතුවුනා. ඊට පස්සේ තව එකක් මතු වුනා. නිසි වයසේදී විධිමත් ආකාරයට ලිංගික අධ්‍යාපනය ලාබාදීලා තිබුණා නම් අපේ කොල්ලෝ මේවට අහුවෙන්නේ නෑ. අපේ තරුණ තරුණියන් මේවාට අහුවෙන්නේ නෑ. විවෘතව මිනිස්සුන්ට හිතන්න පුලුවන් වෙනවාට සමහරු කැමැති නෑ. ඒ නිසා එදා කරන්න හදපු දේවල් විනාශ කළා. කාන්තාවන්ගේ ඇදුම් ගලවල වීඩියෝ කරනවා. මම එතැන හිටපු ශ්‍රමණ වේශධාරියා ගැන කතා කරන්නේ නෑ. ඒත් තරුණියෙක්ගේ ඇදුම් ගලවලා වීඩියෝ කරන තරමට මේ සමාජයේ ආර්ථිකය විතරක් නෙමෙයි, සමාජයම විනාශ කළා. මනුස්සකම නැති කළා. පාරේ යන මිනිස්සු මරලා දාන තැනට මනුස්සකම නැති කළා. මේවාට වග කියන්න ඕන පහුගිය කාලයේදී රටේ ආර්ථිකය විනාශ කරන්න දායක වුනද අයම තමයි. අනවශ්‍ය විදියට හාමුදුරුවන් දේශපාලනයට අරගෙන ආවා. නයි ධාතු වඩම්මන්න, පොහොට්ටු පුප්පන්න හාමුදුරුවෝ අරගෙන ඇවිත් සංස්කෘතිය, සමාජය ආර්ථිකය සියල්ලම විනාශ කළා. අපේ රටේ දරුවන් වෙනුවෙන්, අපේ රටේ මිනිස්සු වෙනුවෙන්, නැවත වතාවක් අහුවෙන්නේ නැතිව රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගෙන යන වැඩපිළිවල ඉදිරියට ගෙන යන්න සහාය දෙන්න ඕන යැයි අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 3
Previous Post

මනම්පිටිය බස් අනතුරින් 10 .. අඹන්පොල බස් අනතුරින් 2 ක් මරුට

Next Post

මෙරට මුහුදු තීරය වටා දෙස් විදෙස් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමේ කඩිනම් වැඩපිළිවෙලක් සකස් කරන්න – ඇමැති ප්‍රසන්න

editor

editor

Next Post

මෙරට මුහුදු තීරය වටා දෙස් විදෙස් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමේ කඩිනම් වැඩපිළිවෙලක් සකස් කරන්න - ඇමැති ප්‍රසන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved