• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලබන 21 වන දා සිට නිල වශයෙන් ගුවන්තොටුපල විවෘතයි – ඇමැති ප්‍රසන්න

5 January 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මේ මස 21 වන දා සිට නිල වශයෙන් ගුවන්තොටුපල හා සංචාරකයන්ට රට විවෘත කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ සංචාරක හෝටල් කළමණාකරන ආයතනයේ මොණරා උත්සව ශාලාවේදි අද (05) පෙරවරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදිය. සංචාරකයන්ට රට විවෘත කිරීමේ නියාමන ව්‍යාපෘතියේ ඉදිරි වැඩ පිලිවෙල පැහැදිලි කිරීම සදහා මෙම සාකච්ඡාව කැදවා තිබුනි.

ඒ අනුව මාස 10 කට පසු 21 වන දා සිට කටුනායක සහ මත්තල ගුවන්තොටුපල වානිජ ගුවන් ගමන් සදහා විවෘත කෙරේ. ජනවාරි 23 වන දින පමණ වන විට ගුවන්තොටුපල වාණිජ ගුවන්ගමන් ක්‍රමානුකූලව යතා තත්ත්වයට පත්වනු ඇතැයි තමන් අපෙක්ෂා කරන බවද ඇමතිවරයා සදහන් කරයි.

සංචාරක ව්‍යාපාරයෙන් මෙරට ලක්ෂ 30 කට ආසන්න පිරිසක් සෘජු හා වක්‍රව යැපෙන බවත් කොවිඩ් වසංගතය හේතුවෙන් මෙම අය ජීවත් වීමට නොහැකිව අන්ත අසරණ තත්වයට පත්ව ඇති බවත් මේ තත්වය සැලකිල්ලට ගෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව රට සංචාරකයන්ට විවෘත කිරීමට තීරණය කල බවත් ඇමතිවරයා සදහන් කරයි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කිවේය. ‘‘සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ගුවන්තොටුපල සහ රට සංචාරකයන්ට විවෘත කිරීම අද ඊයේ ගත්ත තීන්දුවක් නෙවෙයි. මේ රටේ සංචාරක ව්‍යාපාරයෙන් සෘජුව හා වක්‍රව යැපෙන ලක්ෂ 30 කට ආසන්න පිරිස කොවිඩ් වසංගතය නිසා දැඩි ලෙස පීඩාවට පත්වුනා. සමහර අය පාරවල්වල රොටී විකුණුවා, පොල් විකුණුවා සංචාරක ව්‍යාපාරය නියාමනය කිරීම තමයි සංචාරක සංවර්ධන අධිකාරියට පැවරිලා තියෙන්නේ මෙහි 99% ක්ම පෞද්ගලික අංශයේ දායකත්වයෙන් සිදුවන්නේ ඉතිහාසයේ පළමු වරට අපි සංචාරක ක්ෂේත්‍රයේ නිරතවූවන්ට සහන සැලසුවා එහි ගැටලු අඩුපාඩු තිබෙන්න පුලුවන්. සංචාරක ව්‍යාපාරයෙන් යැපෙන ලක්ෂ 30 ක පමණ වගකීම තිබෙන නිසා අපි මේ ව්‍යාපාරය කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කළා පසුගිය ජූනි මාසේ තමයි ඊට අදාල ගයිඩ් ලයින් හදන්න සාකච්ඡා පටන් ගත්තේ කොවිඩ් දෙවැනි රැල්ල නිසා මෙය තරමක් ප්‍රමාද වුනා. දෙසැම්බර් මාසයේදි සෞඛ්‍ය අංශ සමග සංචාරක මාර්ගෝපදේශ සකසලා අපි මේ සදහා නියාමන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කලා ඒ අනුව දෙසැම්බර් 26 ඉදලා විශේෂ ගුවන්යානා මගින් මේ නියාමන ව්‍යාපෘතිය යටතේ සංචාරකයන් ගෙන්වන්න අපි අදාල ආයතනවලට දැනුම් දුන්නා ඒ අනුව සංචාරකයන් ගෙන්වන ආයතන තුනක් රුසියානු කලාපයේ සංචාරකයන් ගෙන්වන්න කැමැත්ත පල කලා ඒ අනුවයි මේ යුක්රේන සංචාරකයන් රටට එන්නේ ට්‍රැවල් බබල් එකක් විදිහටයි.
මේ නියාමන ව්‍යාපෘතියේ පවතින අඩුපාඩු අප හදුනාගෙන තිබෙනවා මේ මාසේ 21 වන දින ඉදලා වානිජ ගුවන්ගමන් සදහා මත්තල සහ කටුනායක ගුවන්තොටුපල විවෘත කරන්න අපි කටයුතු කරනවා. දැනට නියමු ව්‍යාපෘතිය සදහා ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ යාවත්කාලීන කරනවා. සංචාරකයන් රටට ගෙන්වන ඕනෑම ආයතනයක් මේ මාර්ගෝපදේශන අනුගමනය කිරීමට බැදී සිටිනවා කිසිවකු ඒ මාර්ගෝපදේශ අනුගමනය නොකලොත් ඔවුන්ට එරෙහිව අපි නිත්‍යානුකූල පියවර ගන්නවා ඒ වගේම ඔවුන්ට සංචාරකයන් දිවයිනට ගෙන්වීම සදහා තවදුරටත් ඉඩ ලබාදෙන්නේ නැහැ. අදාල මාර්ගොපදේශ අපි මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරනවා.
සංචාරකයන්ට PCR පරීක්ෂණ වලින් පස්සේ ඔවුන් නෙගටිව් නම් සංචාරය කළ හැකි ස්ථාන 14 ක් අපි හදුනාගෙන තියෙනවා. මහනුවර දළදා මාලිගාව එක් ස්ථානයක් මේ ස්ථාන දේශීය සංචාරකයන්ට විදේශික සංචාරකයන් පැමිණෙන දිනයන්හිදි වසා දැමීමට අපේ සුදානමක් නැහැ. මේ ස්ථාන අයත් වනජීවි, පුරාවිද්‍යා වගේ ආයතනවලට අපි කියා තිබෙනවා දේශීය සංචාරකයන් සහ විදේශීය සංචාරකයන් මුහු නොවන විදිහට වැඩ පිළිවෙලක් අපිට සකස් කර දෙන්න කියලා දළදා මාලිගාව දැනටමත් ඒ සදහා වැඩ පිලිවෙලක් සකස් කර තිබෙනවා. ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ගේ සහයත් ඊට ලබා ගන්නවා. සංචාරකයන්ගේ පැමිණීම නිසා දේශීය සංචාරකයන්ට පූජනීය ස්ථාන වහන්න අපේ කිසිම සුදානමක් නෑ. දළදා මාලිගාවට සංචාරකයන් එන එකට මහා සංඝරත්නය විරුද්ධයි නම් අපි ඒ සදහා සංචාරකයන් යොමු කරන්නේ නැහැ. ඒ නිසා කිසිවෙකු මේ සදහා බිය විය යුතු නැහැ අපි උපරිමයෙන් කටයුතු කරන්නේ දේශීය සංචාරකයන් සහ විදේශීය සංචාරකයන් අතර සම්බන්ධයක් ඇතිවීම වැලැක්වීම සදහායි ඒ වගේම මේ පැමිනෙන සංචාරකයන් සමග වැඩ කරන හෝටල් මාර්ගෝපදේශකයන් රියදුරන් වැනි අය ට්‍රැවල් බබල් එකකයි කටයුතු කරන්නේ ඒ නිසා සමාජයට නිරාවරණය වීමක් නැහැ.
ගුවන්තොටුපල සහ සංචාරකයන්ට රට විවෘත කිරීම ගැන විපක්ෂය අබූත චෝදනා නගනවා. මේ චෝදනා පදනම් විරහිතයි සංචාරකයන්ට රට විවෘත කරන්නේ රජයේ කිහිප දෙනෙකුගේ සාක්කු පුරවන්න කියලා විපක්ෂය චෝදනා කලා ඔවුන් කිව්වේ ගුවන්තොටුපල හා ගුවන්සේවා බදු අඩුකලේ ඒ වෙනුවෙන් කියලා අපි 2020 පෙබරවාරි 26 වෙනිදා මත්තල සහ රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත ගුවන්සමාගම් ආකර්ෂණය කර ගැනීම සදහා යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කලා. එතනදී තමයි ගුවන්තොටුපල අපගමන බද්ධ බිම් මෙහෙවර සදහා වට්ටම් සහනදායි ඉන්ධන මිල ගණන් පිරිනැමීම වගේ යෝජනා ගණනාවක් ඉදිරිපත් වුනේ දැන් සමහරු උත්සහ කරනවා මේකත් මේ ආණ්ඩුවේ අයගේ සාක්කු පුරවන්න ගත්තු තීරණයක් කියලයි, කොවිඩ් වසංගතය එන්නත් ඉස්සෙල්ලයි අපි මේ තීරණය ගත්තේ
විපක්ෂයේ ජරා ජඩ දේශපාලඥයෝ කැමති නැහැ මේ සංචාරක ව්‍යාපාරයෙන් යැපෙන ලක්ෂ 30 ක් වන ජනතාවට සහනයක් සැලසෙනවට මේ අය කැමති ඒ ලක්ෂ 30 ජනතාව පාරවල් වල රොටී පොලොස් විකුණ විකුණ ඉන්නවාට. සංචාරක ව්‍යාපාරයේ නිරත අයට මහ පාරේ වැටිලා ඉන්නවානම් තමයි විපක්ෂයට ඒක දේශපාලන ආයුදයක් වෙන්නේ රටේ ජනතාව උගසට තියල හරි තමන්ගේ වැඩේ කර ගන්නයි විපක්ෂය හදන්නේ විපක්ෂයක් හරියට ප්‍රභාකරන් වගේ සංචාරක ව්‍යාපාරයේ යැපෙන ජනතාව පලිහක් කරගෙන දේශපාලනය කරන්න හදනවා. ඒක අපි දැඩි ලෙස හෙලා දකිනවා.

Post Views: 3
Previous Post

ඉඩම් ලියාපදිචිය ඩිජිටල්කරණය කිරීම ඇරඹෙයි

Next Post

ඡන්දය කල් දැමු අය ඒ ගැන කතා කිරීම විහිළුවක් – ඇමැති කෙහෙලිය

editor

editor

Next Post

ඡන්දය කල් දැමු අය ඒ ගැන කතා කිරීම විහිළුවක් - ඇමැති කෙහෙලිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved