27 April 2024
#දේශීය

ඡන්දය කල් දැමු අය ඒ ගැන කතා කිරීම විහිළුවක් – ඇමැති කෙහෙලිය

වසර දෙකහමාරක් පළාත් පාලන මැතිවරණය, දින නියමයක් නොමැතිව කල් දැමු පිරිස දැන් මැතිවරණය පිළිබඳ කතා කිරීම හාස්‍යයජනක බව ජනමාධ්‍ය අ මාත්‍ය, කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සුරක්ෂිත කර දුන් කණ්ඩායමක් මේ වන විට ආණ්ඩුව මෙහෙයවන බැවින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නිවැරදීම මොහොතේ, නිවැරදිම තීරණය වත්මන් රජය ගනු ලබන බව අමාත්‍යවරයා පැවසිය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *