• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කිතුල් කර්මාන්තය බල ගැන්වීමට මධ්‍යම පළා‍ත් ආණ්ඩුකාරවරයාගේ අවධානය සාර්ථක වේ

19 August 2022
in සංවර්ධන

කිතුල් කර්මාන්තය බල ගන්වමින් ආර්ථිකය සවිමත් කිරීම සදහා වන ඉදිරි සැලසුම් සාකච්ඡා කිරීමේ විශේෂ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාර පරිශ්‍රයේදී පසුගිය 17 වනදා  පැවැත්විය.

දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ තවත් පියවරක් ලෙස ක්‍රියාවට නැංවෙන මෙම වැඩසටහන මගින් කිතුල් කර්මාන්තය ශක්තිමත් කිරීම මගින් එම කර්මාන්තයේ නියැලෙන්නන්ගේ රැකියා සුරක්ෂිතභාවය තහවුරු කිරීමත් ‍නිෂ්පාදන ගෝලීය වෙළදපොල කරා යොමු කිරීම මගින්, රට තුල විදේශ විනිමය වැඩිවශයෙන් ලබාගනිමින් ආර්ථිකය ශක්තිමත් කිරීමත් අරමුණු වී ඇති අතර, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ මූලිකත්වය ය‍ටතේ කේ.සී.සී ආයතනයේ සභාපති තුසිත විජයසේන මහතාගේ මැදිහත්වීමෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම ආරම්භ වූ අතර, එහි පියවරක් ලෙස ආයෝජකයෙක් සහිතව මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම සදහා අවස්ථාව ලැබී ඇත.

ඒ අනුව, මධ්‍යම පළාත තුල කිතුල් රා ඇතුලු කිතුල් නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සදහා මෙහිදී ප්‍රමුඛ අවධානය යොමු වු අතර, තෙලිදිය එක් රැස් කිරීමේ මධ්‍යස්ථාන පළාතේ සුදුසු ප්‍රදේශයන්හී ස්ථාපනය කිරීමටත් යෝජනා විය. ඒ සදහා AGRI දේශීය පුද්ගලික සමාගමේ දායකත්වය යටතේ රාජ්‍ය – පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස එය සිදුකිරීමත්, කැන්ඩි සිටි සෙන්ටර් ආයතන පරිශ්‍රය තුල දේශීය කිතුල් නිෂ්පාදන අලෙවි කිරම සදහා වෙළද කුටියක් ස්ථාපිත කිරීම සදහාත් කරුණු සාකච්ඡා විය. මෙහිදී අදහස් දක්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ අතීතයේ ‍ශ්‍රී ලංකාව තුල ජීවත් වූ ජනයා නිරෝගීමත් ලෙස වැඩි ආයුෂ ප්‍රමාණයකට හිමිකම් කීවේ දේශීයත්වයට මුල් තැන දෙමින් වස විසෙන් තොර දේශීය ආහාර පාන පරිභෝජනය සදහා හුරුව පැවතීම හේතුවෙන් බවයි. විවිධ රසායනික ද්‍රව්‍ය අඩංගු ආහාර භාවිතයට හුරුවීමත් සමග එම නිරෝගීකමින් ඈත් ව ලෙඩ රෝග වලට වර්තමාන සමාජය ගොදුරු වී ඇති බවත්, කිතුල් කර්මාන්තය වැනි පාරම්පරික කර්මාන්ත රැක ගැනීම සදහා කටයුතු සිදු කළ යුතු බවත්, ඒ ඔස්සේ යමින් දේශීය මෙන්ම විදේශීය ආර්ථිකය තුල ශ්‍රී ලාංකීය කිතුල් නිෂ්පාදන ප්‍රචලිත කරමින් ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා අවශ්‍ය වැඩසටහන් ක්‍රියාවට නැංවීම සිදුකළ යුතු බවත් තම තමන්ට හැකි අයුරින් දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා කටයුතු කළ යුතුව පවතින බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එම මහතා ප්‍රකාශ කර සිටියේය.

මෙම සාකච්ඡාව සදහා පළාත් පාලන ආයතනයන් නියෝජනය කරමින් සභාපතිවරුන්, පළාත් ප්‍රධාන ලේකම් , පළාත් ආණ්ඩුකාර ලේකම්, ප්‍රාදේශිය ලේකම්වරුන් , මහවැලි අධිකාරියේ නිලධාරීන් ඇතුලු රාජ්‍ය නිළධාරීන්, AGRI දේශීය පුද්ගලික සමාගමේ සභාපති, කැන්ඩි සිටි සෙන්ටර් ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමණාකරු යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම සාකච්ඡාව සදහා එක් ව සිටියේය.

 

 

මහේෂ් කිර්තිරත්න මාතලේ

Post Views: 16
Previous Post

කොරියානු ධිවර ක්ෂේත්‍රෙය් රැකියා අවස්ථා 1047ක්

Next Post

මන්ත්‍රි රෝහණ දිසනායක රටට ඩොලර් ගේන හැටි කියයි

editor

editor

Next Post

මන්ත්‍රි රෝහණ දිසනායක රටට ඩොලර් ගේන හැටි කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved