• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලැබීමට ඇති හිඟ බදු මුදල් ගැන වාර්තාකරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දන්වයි

27 April 2021
in දේශීය

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කිසිඳු ගැටලුවක් නොමැතිව අය කළ හැකි හිඟ බදු මුදල් ප්‍රමාණය සහ, අය කර ගත හැකි නමුත් ගැටලු පවතින හිඟ බදු මුදල් ප්‍රමාණය පිළිබඳව වාර්තාවක් මාස 02 ත් 05 ත් ඇතුළත ලබා දෙන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සතු, Legacy පද්ධතියට අදාළව කිසිදු ගැටලුවක් නොමැතිව අයකළ හැකි බදු මුදල් ප්‍රමාණය මෙන්ම, අය කර ගත හැකි නමුත් ගැටලු පවතින ආයතන පිළිබඳව මාස 02 ක් ඇතුළත වාර්තාවක් කාරක සභාවට ලබා දෙන ලෙස මෙම කාරක සභාවේ සභාපති ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරීය මහත්මිය එම දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නාය.

එමෙන්ම RAMIS පද්ධතියට අදාළවද කිසිදු ගැටලුවක් නොමැතිව අයකළ හැකි බදු මුදල් ප්‍රමාණය මෙන්ම, අය කර ගත හැකි නමුත් ගැටලු පවතින ආයතන පිළිබඳව මාස 05 ක් ඇතුළත වාර්තාවක් කාරක සභාවට ලබා දෙන ලෙස ද ඇය එම දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් දැනුම් දුන්නාය.

Legacy පද්ධතියට අනුව 2021.03.30 ට හඳුනා ගත් ආයතනවලට අදාළ හිඟ බදු ලෙස රුපියල් බිලියන 18 ක් හඳුනා ගෙන තිබුණු අතර, එය 2020 ජූනි 30 දිනට අයකළ හැකි මුළු හිඟ ආදායම වූ රුපියල් බිලියන 107 හා සැසඳීමේ දී සියයට 17 ක ප්‍රතිශයක් බවද කාරක සභාවේදී අනාවරණය විය.

RAMIS පද්ධතියට අනුව 2021.03.30 ට හඳුනා ගත් ආයතනවලට අදාළ හිඟ බදු ලෙස රුපියල් බිලියන 87 ක් හඳුනා ගෙන තිබුණු අතර, එය 2020 ජූනි 30 දිනට අයකළ හැකි මුළු හිඟ ආදායම වූ රුපියල් බිලියන 183 හා සැසඳීමේ දී සියයට 47.5 ක ප්‍රතිශයක් බවද කාරක සභාවේදී හෙළි විය.

Legacy පද්ධතියට අදාළව අය කර ගත යුතු සියලු හිඟ මුදල් කඩිනමින් අය කර ගෙන එම පද්ධතියේ කටයුතු අවසන් කිරීමට ක්‍රියා කළ යුතු බවද කාරක සභාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැන්වීය.

හිඟ බදු අයකර ගැනීමට අදාළව අධිකරණවල පවතින නඩු කටයුතු කඩිනමින් විභාග කර අවසන් කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශය සමඟ එක්ව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මීට පෙර කාරක සභාව දන්වා තිබූ අතර, එහි ප්‍රගතිය ද මෙහිදී සමාලෝචනය කෙරිණි.

එහිදී අධිකරණ අමාත්‍යාංශය කාරක සභාවට දැන්වූයේ විෂය ගත කරුණ පිළිබඳව අධිකරණ සේවා කොමිෂන් සභාව සමඟ සාකච්ජා කර ඇති බවත්, හිඟ බදු අයකර ගැනීමට අදාළව අධිකරණවල පවතින නඩු කඩිනමින් විභාග කිරීමට නිසි යාන්ත්‍රණයක් සැකසෙන බවත් ය.

බඳු ගෙවන්නන්ගෙන් අය විය යුතු හිඟ බඳු හා දඩ මුදල් පිළිබඳ විශේෂ විගණන වාර්තාව සම්බන්ධයෙන් 2021 ජනවාරි 06 වැනි දින හා 2021 මාර්තු 10 දින පැවැති සාකච්ජාවන් හි ලබා දුන් නියෝග ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීමට අද පැවැති මෙම කාරක සභා රැස්වීමට රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ , පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන තිස්ස අත්තනායක , නිරෝෂන් පෙරේරා, වෛද්‍ය උපුල් ගලප්පත්ති, බී.වයි.ජී රත්නසේකර යන මහත්ම මහත්මීන් සහභාගි විය.

 

 

Post Views: 10
Previous Post

වොලිබොල් ක්‍රීඩාවේ හෙට දවස වෙනුවෙන් පියවර රැසක් – සභාපති කංචන

Next Post

සියළු පාසල් ලබන 30 වනදා තෙක් වසා දමයි

editor

editor

Next Post

සියළු පාසල් ලබන 30 වනදා තෙක් වසා දමයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved