• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බූරුවා කුට්ටමේ කොළයක් බවට පත් වෙනවා – මන්ත්‍රී ඩලස්

7 March 2024
in දේශීය, පුවත්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බූරුවා කුට්ටමේ කොළයක් බවට පත් වෙනවා – මන්ත්‍රී ඩලස්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බූරුවා කුට්ටමේ කොළයක් බවට පත්වන එක වළක්වන්න බැරි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (06) නිදහස ජනතා සභාව පැවැත්වු මාධ්‍ය සාකච්ඡාවකදිය.

එහිදී අදහස් පල කල මන්ත්‍රීවරයා පැවසුවේ පාලකයින්ගේ කපටිකම් සහ සැහැසිකම්වලටත් පුරවැසියන්ගේ මෝඩකම්වලටත් සීමාවක් තිබෙන අතර ශ්‍රී ලාංකිකයින් ගේ එම සීමා ඉර දැන් පැනල තියෙන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් පල කල පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා “ මේ රටේ දැන් උද්ඝෝෂණයක් කරන්න දෙන්නේ නෑ. විරෝධයක් පළ කරන්න තහනම්. මිනිස්සු හැම දෙයක්ම ඉවසගෙන ඉන්නවා. ඉවසල ඉවසලා පාරට එන දවසකුත් තියෙනවා. එදාට රටේ මූලික නීතිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බූරවා කුට්ටමේ කොළයක් ගානට වැටෙන එක වළක්වන්න බෑ.. ඒ ආරාජිකභාවයේ වගකීම පාලකයන් ගන්න ඕන. බටහිර කියමනක් තියෙනවා පුංචි දරුවන්ගේ නැපීස් මාරුකරන්නෙත් අවුරුදු හතරකට සැරයක් පාලකයො මාරු කරන්නේ එකම හේතුව නිසා කියලා. නමුත් අපේ රටේ නැපිස් මාරු කරන්න දෙන්නේ නෑ. මැතිවරණ වල දමනවා. ඒකයි මම කියන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බූරුවා කුට්ටමේ කොළයක් බවට පත්වන එක වළක්වන්න බෑ කියලා. රටේ වඩාත් ක්‍රියාශීලි අමාත්‍යාංශය වෙන්න ඕන මුදල් අමාත්‍යංශය. නමුත් අද මුදල් අමාත්‍යංශය බෙලහීන වෙලා. ඒකට හොඳ උදාහරණ දෙකක් තියෙනවා. එක, මහ බැංකුවේ වැටුප් සියට හැත්තෑවකින් වැඩි කිරීම පිළිබඳව ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට පවසා තිබුණේ මුදල් අමාත්‍යවරයා ලෙස සහ ජනාධිපතිවරයා ලෙස ඔහුවත් ඒ පිළිබඳව නොදන්නා බවයි.
දෙක, 2023 වසරේ අය කළ යුතුව තිබූ බදු ප්‍රමාණය බිලියන 904 යි. නමුත් අය කරගෙන තිබෙන්නේ බිලියන 163 යි. ඒ අනුව, අය කර ගැනීමට නොහැකිවූ බදු ප්‍රමාණය බිලියන 741යි. මුදල් අමාත්‍යංශයේ බෙලහීනතාවය කියන්නේ මේකටයි. එතකොට හුදී මහජනතාවට ගැටලුවක් මතු වෙනවා මුදල් ඇමතිවරයා හා රාජ්‍ය නායකයා ඒ ගැන දන්නෙ නැත්නම්, රටේ සිදුවෙන අනිත් ක්‍රියදාමයන් ගැන කවුද දන්නේ? කවුද වග කියන්නේ? ඉතාම බරපතල අවිනිශ්චිතභාවය පිළිබඳ ප්‍රශ්නයක්, පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් පුරවැසියන්ට ඇතිවෙනවා මේ බෙලහීනතාවය නිසාවෙන්. මෙසේ අසමත් වී ඇත්තේ ඇයි? රටට පූර්ණ කාලීන මුදල් ඇමතිවරයෙක් නැති නිසා. ඉන්නෙ part time මුදල් ඇමතිවරයෙක්. ජනාධිපතිතුමා දවස් කිහිපයකට පෙර ප්‍රකාශ කළා පසුගිය අවුරුද්ද ඇතුළේ අලුතෙන් නීති හතළිස් දෙකක් (42) සම්පාදනය කළ බවට. නමුත් මේ බිලියන 741 එකතු කර ගැනීමට නොහැකි වී ඇත්තේ නීතියේ පවත්නා දෝෂ සහ යාවත්කාලීන නොවීම්. ආර්ථික අවපාතයකින් බැටකන දැඩි ආර්ථික අපහසුතාවයන්ට මුහුණ දෙන රටක් වුවද පූර්ණ කාලීන මුදල් අමාත්‍යවරයකුත් නොමැතිකම සියලු ප්‍රශ්නවලට හේතුවයි. කණගාටුවකට කාරණය නම් 1994 පසු පත් වූ සෑම ජනාධිපතිවරයකුම පාහේ මුදල් අමාත්‍යාංශය තමන් සතුව තබා ගැනීමේ රෝගය වැළඳ ගැනීමයි. තුන්සිය හැටපස් දවසම පැය විසි හතරම මුදල් අමාත්‍යංශය කෙරෙහි අවධානය යොමු විය යුතු අවධියක මුදල් ඇමතිවරයා පාට් ටයිම් ජොබ් එකක් බවට පත්වීම කනගාටුවට කාරණාවක්. වත්මන් ජනාධිපතිවරයා විටෙක විදේශ අමාත්‍යවරයාගේ රාජකාරිය ද ඉටු කරන අතර ජනාධිපතිවරයාගේ ද රාජකාරි ඉටු කරන අතරම විදේශ සංචාර රාශියක් ද යොදා ගනු ලබයි. මේ හේතුව නිසා මුදල් අමාත්‍යංශය මුදා නොගත් කලාපයක් බවට පත්වී ඇත. මෙම හේතුව නිසා මුදල් අමාත්‍යංශයට අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට නොහැකි වී තිබේ. ඒකයි බෙලහීනතාවය කියන්නේ.

පත්ව ඇති අර්බුදයෙන් ගොඩ එම සඳහා නාමිකව මුදල් අමාත්‍ය ලෙස කටයුතු කරන වත්මන් ජනාධිපතිවරයාගෙන් මා ඉල්ලා සිටින්නේ එතුමා ඉවත්වී මුදල් අමාත්‍යංශය සඳහා පූර්ණ කාලීන අමාත්‍යවරයෙකු පත් කරන ලෙසයි. දුරස්ථ පාලකයකින් මුදල් අමාත්‍යංශය මෙහෙය විය නොහැකි බවට මම නැවතත් අවධාරණය කරනවා. අනෙක් අතට, ආර්ථික අර්බුදයේ මාරාන්තික ගොදුරක් බවට පත්ව ඇති අපේ දරුවන් පිළිබඳවයි. මේ පිළිබඳව මා පාර්ලිමේන්තුවේත්, ඉන් පිටතත් කිහිප විටක්ම කතා කළා. දරිද්‍රතාවය නිසා දරුවන්ට පාසල අහිමි වී ගොස් තියෙනවා. ඇතැම් දිස්ත්‍රික්කවල දරුවන්ගෙන් සියයට 30 ක් මන්ද පෝෂණයෙන් පෙළෙනවා. දරුවන්ට අවශ්‍ය ඖෂධ නැහැ. ආහාර අහේනියකින් පෙලෙනවා. නමුත් මෙවැනි පසුබිමක මෙවැනි කාරණා සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමු වන්නේ නැහැ. නොපෙනූ දෙනෙත් වලින් සහ නොඇසූ දෙසවන්වලින් තමයි දරුවන්ගේ ප්‍රශ්න දිහා බලන්නේ. රටටම ලොකු ප්‍රචාරයක් දීලා ගාසා තීරයෙහි දරුවන් වෙනුවෙන් අරමුදලක් ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පිහිටුවන්න යනවා. ඒ පිළිබඳ සංවේදී වීම ඉතා හොඳ වැඩක්. ගාසා තිරය කියන්නේ දරුවන්ගේ අමුසොහොනක්. එලෙස සංවේදී වන නායකයෙක්, තමන්ගේ රටේ දරුවන් කෙරෙහි සංවේදී නොවීම බරපතල ගැටලුවක්. ලක්ෂ එකොළහකට දිවා ආහාරය ලබා දෙනවා. ඒක ලක්ෂ විස්ස දක්වා දැන් ඉහළ ගිහිල්ලා. ඒත් ආණ්ඩුව නිහඬයි. දිවා ආහාර වේල සඳහා රුපියල් 85,110 දක්වා වැඩි කළ බව ඊයේ අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවා. නමුත් ප්‍රශ්න ඇත්තේ මේ වනවිට දිවා ආහාරය ලබාදිය යුතු සිසුන් සංඛ්‍යාව ලක්ෂ විසිඑක දක්වාම වැඩි වී තිබීමයි. ඒවගේම මහ බැංකුවේ වැටුප් වැඩිවීම ගැන විමසූ අවස්ථාවේ දී ඔවුන් කියා සිටියේ වැටුප් මදිකම නිසා විශාල පිරිසක් වෘත්තිකයෝ රට හැර යන බවයි.

මහ බැංකුව නිකුත් කරපු වාර්තාවක සඳහන් වෙනවා 2023 වසරේ සෑම මාසයකම, අපේ රටේ නිපුණත්වයෙන් හෙබි වෘත්තිකයෝ විසි පන් දහස් නවසිය පනස් හතරක් (25954) රට හැර ගොස් ඇති බවට. 2022 දී සෑම මාසෙකම විසි හයදාස් දෙසීයක් (26200) රට හැරදා විදෙස්ගත වී තිබෙනවා. මේ ඉතා බරපතල තත්වයක්. සංසන්දනය කළ යුත්තේ පෙර අවුරුදු දෙකත් සමගයි. 2020 විදෙස්ගත වෙලා තියෙන්නේ මාසයකට හාරදාස් නවසිය පනස් දෙකයි (4952). 2021 වසරේ මාසයකට හය දහස් හත්සිය පනහයි (6750). මෙහි අවසානය සටහන් වන්නේ කොතනින්ද? එක් පසකින් මන්ද පෝෂණය නිසා සහ දරිද්‍රතාවය නිසා රටේ දරුවන්ට පාසල අධ්‍යාපනය අහිමිවී තිබෙනවා. අනෙක් පසෙන් වෘත්තිකයන් රට හැරදා යනවා. මේ විදිහට ගියොත් අපේ රටේ අනාගත පරපුර ලෙස ඉතුරු වන්නේ කවුද? මේක දේශපාලඥයන් විතරක් ඉතුරු වන කාන්තාරයක් වේවි. ඊයේ අපි දැක්කා සාමකාමී විරෝධතාවයක නියැළී සිටි විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට කරන ලද ම්ලේච්ඡ ප්‍රහාරය පිළිබඳව. නිදහස ජනතා සභාව ලෙස මේ මෘග ගණයේ ප්‍රහාරය අප හෙලා දකිනවා. මේ ශිෂ්‍ය ප්‍රජාව උද්ඝෝෂණය කළේ කුමක් සඳහා ද? නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරන්න ලෙස ඉල්ලා. අහිමි වූ මහපොළ නියමිත කලට ඉල්ලා. ශිෂ්‍ය නේවාසිකාගාර ඉල්ලා. සියල්ලටම වඩා අවශ්‍ය ආචාර්ය මහාචාර්යවරු ගුරුවරු ඉල්ලා. මේවා තමයි ඔවුන්ගේ ඉල්ලීම වුණේ. විශ්ව විද්‍යාල පද්ධතිය තුළ සිටි ආචාර්ය මහාචාර්යවරුන් ගෙන් සියයට පනහක් රට හැර ගොස් අවසන්. ඒ නිසා දරුවෝ පාරට ඇවිල්ල කියනවා, අනේ අපිට ගුරුවරු දෙන්න කියලා. එහෙම ඉල්ලනකොට පාලකයෝ කරන්නේ ම්ලේච්ඡ ආකාරයෙන් දරුවන්ට පහර දීමයි.

ජාතක කතා සංග්‍රහයේ ජාතක කථාවක් උපුටා දක්වමින් මා මේ සාකච්ඡාව අවසන් කරනවා. ඒ ජාතක කථාව නම් සුතසෝම ජාතකයයි. මොකක්ද ඒ කතාවේ තියෙන්නේ. සුතසෝම රජ්ජුරුවෝ රාජ්‍ය පාලනය කරන කාලයේ දී එක්තරා ප්‍රාන්ත රාජ්‍යයක පාලකයෙක් ඔහුගේ නම පෝරිසාද්. ඔහු මිනීමස් බුදින පාලකයෙක්. අපේ කාලේ ඉඩි අමින් වගේ වෙන්නැති. මේ පෝරිසාද් සමඟ යුධ වැදිලා ඔහුගෙන් ජනතාව බේරාගත යුතුයි කියා සුතසෝම රජ්ජුරුවෝ කල්පනා කරනවා. එහෙම තීරණය කරලා තාවකාලිකව ඇමති මණ්ඩලයට රටේ පාලනය භාර කරනවා. භාර කරලා කියනවා ඇමතිවරුනි හමුදාව යෙදවීමෙන් පමණක් හැමදාම මහජනතාව පාලනය කරන්න බැහැ. හමුදා මර්දනයෙන් හැමදාම රටක් පාලනය කරන්න බැහැ. මන්ද හමුදාවත් මේ ජනතාවගේම කොටසක් බව ඇමතිවරු කරුණාකරලා මනසේ තියාගන්න. ඒක තමයි සුතසෝම රජ්ජුරුවෝ රාජ්‍ය පාලනය ඇමතිවරුන්ට ලබා දෙන අවස්ථාවේ කරපු ඉල්ලීම.

මේ ආණ්ඩුවත් දැනගන්න ඕනේ හැමදාම මර්දනයෙන් මේ රට පාලනය කරන්න බැරි බව. සියලු ගැහැට තර්ජන බිය වැද්දීම් සිර දඬුවම් මේ සියල්ල ඉවසල ඉවසල ඉවසල, අවසානයේ ඉවසගන්න බැරි තැන විශේෂයෙන් බඩගින්න ඉවසගන්න බැරි තැන මිනිස්සු පාරට එන දවසක් තියෙනවා. පාරට මිනිස්සු එහෙම ආවම මතක තියා ගන්න රටේ මූලික නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බූරුවා කුට්ටමේ කොළයක් බවට පත්වන එක වළක්වගන්න බෑ. ආණ්ඩුව මෙම බරපතල කාරණය පිළිබඳ තේරුම් ගත යුතුයි යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 8,433
Previous Post

රටවල් 06ක තානාපතිවරු සහ ජාතික ජන බලවේගයේ නායක අතර හමුවක්

Next Post

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා මාලදිවයින් ආරක්‍ෂක අමාත්‍යවරයා හමුවෙයි

editor ttvnews

editor ttvnews

Next Post
ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා මාලදිවයින් ආරක්‍ෂක අමාත්‍යවරයා හමුවෙයි

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා මාලදිවයින් ආරක්‍ෂක අමාත්‍යවරයා හමුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved