• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වාරි සභා වැඩසටහනේ මාතලේ ප්‍රධාන ඇල සංවර්ධනය කිරීම ආරම්භ කෙරේ

13 July 2023
in දේශීය

කෘෂිකාර්මික කටයුතු සදහා යොදා ගන්නා ඇළවේලි සහ සහ වැව් අමුණු ප්‍රතිසංස්කරණය කරදීමේ අරමුණින් දිවයින පුරා ක්‍රියාත්මක කරන ‘වැව් සභාව’ ජාතික වැඩසටහනේ මාතලේ දිස්ත්‍රික් වැඩසටහන රත්තොට මකුලේතැන්න ව්‍යාපාරයෙහි ප්‍රධාන ඇල කේන්ද්‍ර කර ගෙන අද(13) ආරම්භ විය.

මෙම වැඩසටහන ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය, රත්තොට ප්‍රාදේශීය සමිබන්ධීකරණ කමිටු සභාපති රෝහණ දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මේ යටතේ මකුලේතැන්න ව්‍යපාරයෙහි ඇළ සංවර්ධනය කිරීමට නියමිත අතර, ඇල දෙපස කොන්ක්‍රීට් යොදා සංවර්ධනය කිරිමට යෝජිත අතර මේ සදහා වැය කරනු ලබන මුදල රුපියල් මිලියන 5 කට ආසන්න බව රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පැවසිය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් මෙම වාරි යෝජනා ක්‍රමය මගින් ගොවියන් 5000 කට ආසන්න ප්‍රමාණයක් යල මහ කන්නයේ කෘෂිකාර්මික කටයුතු වල නිරත වන අතර කුඹූරු අක්කර 300ක ආසන්න ප්‍රමාණයක් ගොවිතැන් සිදු කෙරේ.

වැව් සභා ජාතික වැසඩහන ලංකාවේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන අතර ඒ සදහා ඇ.ඩො මිලියන 25 ක මුදලක් වැය කෙරේ. ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වන දේශුණික අවබලපෑම් අවම කිරීමේ බහු අදියර වැඩසටහන සහ ඒකාබද්ධ ජලාධාර හා ජල සම්පත් කළමනාකරණ ව්‍යාපෘතිය මගින් එම මුදල ලබා දී තිබේ.

‘වැව් සභා’ මාතලේ දිස්ත්‍රික් වැඩසටහන සදහා මාතලේ අතිරේක දිසාපති එල්.රියාල්දින් ,මාතලේ සහකාර ගොවිජන සේවා කොමසාරිස් ටිිකිරි කුමාරිහාමි ,මාතලේ වාරිමාර්ග ඉංජිනේරු කෝසල නාරංගම්මන යන මහත්ම මහත්මින් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 15
Previous Post

රට ගොඩනැඟීමට නම් මූල්‍ය විනයක් අත්‍යාවශ්‍යයි – ජනපති

Next Post

ප්‍රාථමික අධ්‍යාපනයේ අසාර්ථකත්වයට වන්නේ නුපුහුණු ගුරුවරුන් නිසා – අධ්‍යාපන ඇමති සුසිල්

editor

editor

Next Post

ප්‍රාථමික අධ්‍යාපනයේ අසාර්ථකත්වයට වන්නේ නුපුහුණු ගුරුවරුන් නිසා - අධ්‍යාපන ඇමති සුසිල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved