• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සංස්කරණය කළ හින්දු විශ්වකෝෂය අගමැතිගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වෙයි

10 March 2021
in දේශීය

මහා ශිව රාත්‍රී දිනයට සමගාමීව හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සම්පූර්ණයෙන් සංස්කරණය කරන ලද වෙළුම් 12 කින් සමන්විත හින්දු විශ්වකෝෂය බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී එළිදැක්විණි.

හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව 1988 දී ආරම්භ කළ හින්දු විශ්වකෝෂය නිර්මාණය කිරීම 2014 දී වෙළුම් දොළහ සම්පූර්ණ කළේය.

අග්‍රාමාත්‍යවරයා එවකට පස්වන විධායක ජනාධිපතිවරයා ලෙස හින්දු විශ්වකෝෂයේ වෙළුම් දොළහ සම්පූර්ණ කිරීමට අවැසි නායකත්වය දුන්නේය.

ඒ අනුව හින්දු විශ්වකෝෂයේ 12වැනි වෙළුමේ සංස්කරණ ඇතුළත් නවතම මුද්‍රණය අග්‍රාමාත්‍යවරයාගේ සුරතින් පළමුව හින්දු පූජකතුමන්ලාට ප්‍රදානය කිරීම සිදුවිය.

එහිදී අග්‍රාමාත්‍යවරයා විසින් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ආචාර්ය සුරේන් රාඝවන්, අංගජන් රාමනාදන්, එම් රාමේෂ්වරන් සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහත්වරුන්ට ද සංකේතාත්මකව හින්දු විශ්වකෝෂයේ නවතම සංස්කරණය පිරිනමනු ලැබුවේය.

ශ්‍රී ලංකාවේ හින්දු ආගමික කටයුතු වෙනුවෙන් විෂය භාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා ඉටුකරන සුවිශේෂී කාර්යයභාරය මෙහිදී හින්දු පූජකතුමන්ලාගේ ඇගයීමට ලක්විය.

මහා ශිව රාත්‍රී දිනය භක්තිමත්ව හා සෞඛ්‍යාරක්ෂිතව සැමරීම උදෙසා අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි තෝරාගත් හින්දු කෝවිල් 50කට රුපියල් 50000ක බැගින් මූල්‍යාධාර ප්‍රදානය කිරීමේ සමාරම්භය ද මෙයට සමගාමීව පැවැත්විණි.
එහිදී කොළඹ ශ්‍රී කදිර්වේලායුද ස්වාමි කෝවිලේ සභාපති කේ. රගුනාදන්, වරකපොළ ශ්‍රී භත්‍රිකාලි අම්මාන් කෝවිලේ භාරකරු බී.කෝමතී, හොරණ ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිලේ සභාපති ආර්.කනේෂු මහත්ම මහත්මීන්ට අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් මූල්‍යාධාර චෙක්පත් ප්‍රදානය කෙරිණි.

මෙම අවස්ථාවට කොළඹ රාමක්‍රිෂ්ණා මිෂන් සභාපති ස්වාමි අග්‍රසරාත්මානන්ද මහරාජ්, සින්මයා මිෂන් සභාපති ස්වාමි ගුණාදීදානන්ද සරස්තී, අන්තර් ජාතික හින්දු ආගමික සංගමයේ ලේකම් හා ගරු අග්‍රාමාත්‍යතුමාගේ හින්දු කටයුතු සම්බන්ධීකාරක රාමචන්ද්‍ර කුරුක්කල් බාබු ෂර්මා, අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ආචාර්ය සුරේන් රාඝවන්, අංගජන් රාමනාදන්, එම් රාමේෂ්වරන් සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂිකා ශාන්ති නාවුකරෂන්, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඒ. උමා මහේෂ්වරන්, ආචාර්ය ක.රගුබරන්, හින්දු සංස්කෘතික අරමුදලේ ගරු සාමාජික සී.ධනපාල මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

 

Post Views: 21
Previous Post

අම්පාර හාඩි තාක්ෂණ විද්‍යාලය රාජ්‍ය ඇමැතිනි සීතිගේ නිරික්ෂණයට

Next Post

ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග ජය ගැනීමට චීනය සහාය

editor

editor

Next Post

ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග ජය ගැනීමට චීනය සහාය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved