• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙරට වත්මන් ප්‍රගතිය පිළිබඳව විදෙස් ඇමැති රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුම්වත් කරයි

17 August 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජිනීවා නුවර පැවැත්වීමට නියමිත මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරයට පෙර, මෙරට වත්මන් ප්‍රගතිය පිළිබඳවදැනුම්වත් කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා පසුගිය 15 වනදා විදේශ කටයුතු අමාත්‍යාංශයේදී කොළඹ සිටින තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් හමුවිය.

නීතිපති සංජය රාජරත්නම්, විදේශ ලේකම් අරුණි විජේවර්ධන සහ මුදල් ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

අමාත්‍ය සබ්‍රි මහතා මෙහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදු වූ ප්‍රජාතන්ත්‍රවාදී නිලතල මාරුව ඇතුළුව ශ්‍රී ලංකාවේ වත්මන් ප්‍රවණතා පිළිබඳව අවධාරණය කළේ ය. ඉහළ ස්ථාවරභාවයක් පිළිබඳව ජනතාව තුළ අදහසක් ඇති කිරීමට හේතු වී ඇති ක්ෂණික අභියෝගවලට විසඳුම් සෙවීම සම්බන්ධයෙන් දැනටමත් දැකගත හැකි ප්‍රගතිය හා සබැඳි ක්ෂේත්‍ර කිහිපයක් හෙතෙම පැවසිය.

දේශපාලන කටයුතු පිළිබඳව සඳහන් කළ අමාත්‍යවරයා, සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ කටයුතු සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඵලදායී ලෙස ප්‍රතිෂ්ඨාපනය කෙරෙන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවද අමාත්‍යවරයා සිහිපත් කළේය.

මෙම පියවර මගින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම, රජයේ විධායක ශාඛා අධීක්ෂණය කිරීම සහ ප්‍රධාන ආයතනවල ස්වාධීනත්වය යනාදිය කෙරෙහි දායකත්වය ලැබෙනු ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳ පුළුල් සමාලෝචනයක් සිදු කිරීම වෙනුවෙන් ලබා ඇති ප්‍රගතිය ද එතුමා මෙහිදී පැහැදිලි කළේය.

ජනතාවගේ ආර්ථික සහ සමාජීය අයිතීන් තහවුරු කිරීම සහ තවදුරටත් විෂමතා ඇතිවීම වැළැක්වීම සඳහා, වත්මන් ආර්ථික තත්ත්වය හේතුවෙන් ජනගහණයේ අවදානමට ලක්විය හැකි අංශ කෙරෙහි ඇති වන අහිතකර බලපෑම් අවම කිරීම සම්බන්ධයෙන් රජය සිය අවධානය යොමු කොට ඇත.

කොවිඩ් වසංගතයෙන් පසුව සහ මෑත වසරවලදී මෙරට තුළ පෙර නොවූ විරූ ආකාරයේ තත්ත්වයක් ඇති වුවද, දේශීය ක්‍රියාවලීන් ඔස්සේ මානව හිමිකම් සහ ප්‍රතිසන්ධාන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ප්‍රගතියක් ලබා ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.මානව හිමිකම්, යුක්තිය සහ සාධාරණත්වය හා සබැඳි කරුණු සම්බන්ධයෙන් තවදුරටත් ප්‍රගතියක් ලබා ගත හැකි වන පරිදි සම්මුතියක් ගොඩනැගීමේ ක්‍රියාවලියක රජය මේ වන විට නිරතව සිටියි. එළැඹෙන 51 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාව මානව හිමිකම් කවුන්සිලය සමඟ ඵලදායී ලෙස කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

අහිතකර බලපෑම් අවම කිරීමේ අරමුණින්, අවදානමට ලක්විය හැකි කණ්ඩායම් වෙනුවෙන් රජය අනුගමනය කළ සමාජ ආරක්ෂණ ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කරමින් මුදල් ලේකම් සිරිවර්ධන මහතා වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව ඉදිරිපත් කිරීමක් සිදු කළේය.විරෝධතා සහ හදිසි නීතිය පැනවීම හා සබැඳි මෑත කාලීන සිදුවීම් සම්බන්ධයෙන් රජය දක්වන ප්‍රතිචාරයට අදාළ නීතිමය රාමුව නීතිපතිවරයා විසින් විස්තර කරන ලදී. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් රාමුවේ ක්‍රියා පටිපාටි සහ ක්‍රියාවලීන් කිහිපයක් සමඟ ශ්‍රී ලංකාව අඛණ්ඩව සහ පුළුල් ලෙස සම්බන්ධ වී සිටින බවවිදේශ ලේකම් විජේවර්ධන මහත්මිය විසින් අවධාරණය කරන ලදී.

මෙම ඉදිරිපත් කිරීම්වලින් අනතුරුව පැවති සාකච්ඡාවේදී සිය අදහස් පළ කළ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර්- හම්ඩි මහත්මිය, අභියෝගවලට මුහුණ දීම සහ අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වල සමාජ ආරක්ෂණ ජාලය පුළුල් කිරීම සඳහා රජය දරන අඛණ්ඩ ප්‍රයත්න අගය කළා ය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳ සමාලෝචනය ද එතුමියගේ ඇගයුමට ලක්විය. සමාජීය සහ ආර්ථික අයිතිවාසිකම් සහ සමාජ සහජීවනය යන ක්ෂේත්‍ර යනාදිය ඇතුළත් පස් අවුරුදු සහයෝගීතා රාමුවක් මත එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජය සමඟ හවුල් වීමට අපේක්ෂා කරන බව, එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක විසින් නිවේදනය කරන ලදී.

 

 

 

தற்போதைய முன்னேற்றங்கள் குறித்து இராஜதந்திரிகளுக்கு வெளிநாட்டு அலுவல்கள் அமைச்சர் விளக்கம்

 

ஜெனிவாவில் இடம்பெறவுள்ள மனித உரிமைகள் பேரவையின் 51 ஆவது கூட்டத் தொடருக்கு முன்னதாக தற்போதைய அபிவிருத்திகள் குறித்து விளக்கமளிக்கும் முகமாக வெளிநாட்டு அலுவல்கள் அமைச்சர் அலி சப்ரி, 2022 ஆகஸ்ட் 15, திங்கட்கிழமை வெளிநாட்டு அலுவல்கள் அமைச்சில் வைத்து கொழும்பை தளமாகக் கொண்ட தூதுவர்கள் மற்றும் உயர்ஸ்தானிகர்களை சந்தித்தார். சட்டமா அதிபர் சஞ்சய் ராஜரத்தினம், வெளியுறவுச் செயலாளர் அருணி விஜேவர்தன மற்றும் நிதிச் செயலாளர் மஹிந்த சிறிவர்தன ஆகியோரும் இந்த விளக்கமளிக்கும் நிகழ்வில் பங்கேற்றனர்.

 

அரசியலமைப்புக்கு அமைவாக பதவிகளை ஜனநாயக ரீதியாக மாற்றுதல் உட்பட இலங்கையின் தற்போதைய அபிவிருத்திகளை அமைச்சர் சப்ரி சுட்டிக் காட்டினார். மக்களுக்கான அதிக ஸ்திரத்தன்மைக்கு வழிவகுத்த சில உடனடி சவால்களை எதிர்கொள்வதில் ஏற்கனவே காணக்கூடிய முன்னேற்றத்தின் பல பகுதிகளை அவர் விவரித்தார். அரசியல் முன்னணியில், சர்வகட்சி அரசாங்கத்தை அமைப்பதற்கான நடவடிக்கைகள் குறித்து அமைச்சர் மேலும் விளக்கினார். 19ஆவது திருத்தத்தை திறம்பட மீட்டெடுக்கும் அரசியலமைப்பின் 22ஆவது திருத்தம் வர்த்தமானியில் வெளியிடப்பட்டு பாராளுமன்றத்தில் முன்வைக்கப்பட்டுள்ளமையையும் அவர் நினைவு கூர்ந்தார். இந்த நடவடிக்கை பாராளுமன்ற ஜனநாயகத்தை வலுப்படுத்துவதற்கும், அரசாங்கத்தின் நிர்வாகக் கிளைகளின் மேற்பார்வைக்கும் மற்றும் முக்கிய நிறுவனங்களின் சுதந்திரத்திற்கும் பங்களிக்கும். பயங்கரவாத தடைச் சட்டத்தின் விரிவான மீளாய்வுக்கான முன்னேற்றம் குறித்தும் அவர் விளக்கினார். மக்களின் பொருளாதார மற்றும் சமூக உரிமைகளை உறுதி செய்வதற்கும், மேலும் ஏற்றத்தாழ்வுகளைத் தடுப்பதற்கும், தற்போதைய பொருளாதார சூழ்நிலையின் பாதகமான தாக்கங்களை மக்கள் தொகையின் பாதிக்கப்படக்கூடிய பகுதிகளைத் தணிப்பதற்காக அரசாங்கம் கவனம் செலுத்தும் நடவடிக்கைகளை மேற்கொண்டு வருகின்றது. அண்மைய ஆண்டுகளில் நாட்டில் முன்னெப்போதும் இல்லாத சூழ்நிலை நிலவிய போதிலும், கோவிட் தொற்றுநோய்க்குப் பின்னர், உள்நாட்டு செயன்முறைகளின் மூலம் மனித உரிமைகள் மற்றும் நல்லிணக்கத் துறையில் முன்னேற்றங்கள் ஏற்பட்டுள்ளதாகவும் அமைச்சர் குறிப்பிட்டார். மனித உரிமைகள், நீதி மற்றும் சமத்துவம் தொடர்பான விடயங்களில் மேலும் முன்னேற்றம் அடையும் வகையில் ஒருமித்த கருத்தை உருவாக்கும் பணியில் அரசாங்கம் ஈடுபட்டுள்ளது. மனித உரிமைகள் பேரவையுடனான தனது ஆக்கபூர்வமான ஈடுபாட்டை எதிர்வரும் 51ஆவது அமர்வில் இலங்கை தொடரும் என வெளிநாட்டு அலுவல்கள் அமைச்சர் வலியுறுத்தினார்.

 

நிதிச் செயலாளர் சிறிவர்தன, பாதகமான தாக்கங்களைத் தணிக்கும் நோக்கில், பாதிப்புக்குள்ளான குழுக்களுக்கு அரசாங்கம் மேற்கொண்டுள்ள சமூகப் பாதுகாப்பு நடவடிக்கைகள் குறித்து கவனம் செலுத்தி, தற்போதைய பொருளாதார நிலைமை குறித்து விளக்கமளித்தார். அண்மையில் இடம்பெற்ற போராட்டங்கள் மற்றும் அவசரகாலச் சட்டம் அமுல்படுத்தப்பட்டமை தொடர்பான அரசாங்கத்தின் பிரதிபலிப்பு தொடர்பான சட்டக் கட்டமைப்பை சட்டமா அதிபர் விளக்கினார். ஐக்கிய நாடுகளின் மனித உரிமைகள் கட்டமைப்பின் பல நடைமுறைகள் மற்றும் செயன்முறைகளுடன் இலங்கையின் தொடர்ச்சியான மற்றும் விரிவான ஈடுபாட்டை வெளியுறவுச் செயலாளர் விஜேவர்தன எடுத்துரைத்தார்.

 

விளக்கக்காட்சிகளைத் தொடர்ந்து நடைபெற்ற கலந்துரையாடலின் போது, ஐக்கிய நாடுகள் சபையின் வதிவிட ஒருங்கிணைப்பாளர் ஹனா சிங்கர்-ஹம்டி, சவால்களை எதிர்கொள்வதிலும், பாதிக்கப்படக்கூடிய குழுக்களின் சமூகப் பாதுகாப்பு வலையமைப்பை விரிவுபடுத்துவதிலும் அரசாங்கத்தின் தொடர்ச்சியான முயற்சிகளுக்குப் பாராட்டுக்களைத் தெரிவித்தார். பயங்கரவாத தடைச் சட்டத்தின் மீளாய்வுகளையும் அவர் ஒப்புக்கொண்டார். சமூக மற்றும் பொருளாதார உரிமைகள் மற்றும் சமூக ஒற்றுமை ஆகிய பகுதிகளை உள்ளடக்கிய ஐந்தாண்டு கால ஒத்துழைப்புக் கட்டமைப்பில் இலங்கை அரசாங்கத்துடன் ஐக்கிய நாடுகள் சபை கூட்டுசேரும் என ஐ.நா. வதிவிட ஒருங்கிணைப்பாளர் அறிவித்தார்.

 

 

Foreign Minister briefs the Diplomatic Corps on current developments

 

Minister of Foreign Affairs Ali Sabry met the Colombo-based Ambassadors and High Commissioners on Monday 15 August, 2022 at the Ministry of Foreign Affairs for a briefing on current developments ahead of the 51st session of the Human Rights Council in Geneva. Attorney General Sanjay Rajaratnam, Foreign Secretary Aruni Wijewardane and Finance Secretary Mahinda Siriwardana also contributed to the briefing.

 

Minister Sabry outlined the current developments in Sri Lanka, including the democratic transition of office in accordance with the Constitution. He outlined several areas of progress already visible in addressing some of the immediate challenges which has led to a greater degree of stability for the people. On the political front, the Minister briefed regarding the work underway towards forming an All-Party Government. He also recalled that the 22nd Amendment to the Constitution which effectively restores the 19th Amendment, has been gazetted and is before the Parliament. This measure will contribute towards strengthening parliamentary democracy, oversight of the executive branches of government and the independence of key institutions. He also explained the progress that has been initiated towards a comprehensive review of the PTA. The government is taking focused measures to mitigate the adverse impact of the current economic situation on the vulnerable sectors of the population in order to ensure the economic and social rights of the people and to prevent further disparities. The Minister also noted that despite the unprecedented situation in the country in recent years, including in the aftermath of the COVID pandemic, advancements have been made in the area of human rights and reconciliation through domestic processes. The government is in the process of building consensus so that further progress can be made on matters related to human rights, justice and equity. The Foreign Minister emphasized that Sri Lanka will continue its constructive engagement with the Human Rights Council at the upcoming 51st session.

 

Finance Secretary Siriwardana made a presentation on the current economic situation, focusing on the social safety measures that the Government has adopted for vulnerable groups, with a view to mitigating adverse impacts. The Attorney General elaborated on the legal framework related to the Government’s response to the recent incidents related to protests and the imposing of the State of Emergency. Foreign Secretary Wijewardane highlighted Sri Lanka’s continuing and extensive engagement with several procedures and processes of the United Nations human rights framework.

 

During the discussion that followed the presentations, the Resident Coordinator of the United Nations Hanaa Singer-Hamdy expressed appreciation for the consistent efforts of the Government in facing the challenges and expanding the social safety net of vulnerable groups. She also acknowledged the review of the PTA. The UN Resident Coordinator announced that the UN will be partnering with the Government of Sri Lanka on a five-year framework of cooperation which will include areas of social and economic rights and social cohesion amongst others.

Post Views: 11
Previous Post

නීති විරෝධීව මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ සැකකෙරෙන 10 ක් තලෛමන්නාරමේදි නාවික හමුදා භාරයට

Next Post

වතුකර ජනතාව වෙනුවෙන් online ක්‍රමය යටතේ වෛද්‍ය ප්‍රතිකාර සේවාවක්

editor

editor

Next Post

වතුකර ජනතාව වෙනුවෙන් online ක්‍රමය යටතේ වෛද්‍ය ප්‍රතිකාර සේවාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved