• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රුපියල අවප්‍රමාණය වීමට රජය සාර්ථකව මුහුණ දුන් බව මුදල් ඇමැති කියයි

26 September 2018
in දේශීය

ලෝකයේ අද ඇතිවෙමින් පවතින නව තත්ත්වයන් හරහා පරිවර්තනයන් ඇති වුනත් ශ්‍රී ලංකාව ශක්තිමත්ව ඉදිරියට ගෙන යන බවත් රුපියල ස්ථාවර කරගෙන අපේ රට 2025 බලාපොරොත්තු වන පොහොසත් රටක් බවට පත් වන බවත් රුපියල අවප්‍රමාණය වීමේ තත්ත්වයට රජය සාර්ථක ලෙස මුහුණ දුන් බවත් දී මුදල් හ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වීම හේතුවෙන් ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ගමන් කරන බව සමහර දේශපාලනඥයන් විසින් කරන ප්‍රකාශ සම්බන්ධයෙන් මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල
සමරවීර මහතා විසින් අද (26) ජනමාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව ප්‍රකාශ කළේ ය.

තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ‘ පසුගිය සති කීපය තුළ දී රුපියලේ අගය අව ප්‍රමාණය වීම,මුල්කොට ගෙන සමහර දේශපාලඥයන් ශ්‍රී ලංකාව බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ පාන බවට විවිධ ප්‍රකශ කරමින් සිටිනවා. රුපියල අවප්‍රමාණය වීමෙ තත්ත්වය ගැන අතීතය දෙස බැලුවොත් 2008 වර්ෂයේ දී ඇමෙරිකාවේ ඇති වූ බැංකු අර්බුදය හමුවේ එම රටවල පොලී අනුපාතය ඉතාමත්ම පහත යෑම හේතුවෙන් ඇමෙරිකාව ඇතුළු බටහිර ලෝකයේ බොහෝ ආයෝජකයන්, ලංකාව, ඉන්දියව, ඉන්දුනීසියාව, පිලීඉනය වගේ,දියුණු වන රටවල් වල තම ඩොලර් ආයෝජනය කරන්නට කටයුතු කළා.

නමුත්, මේ වසරේ සිට (2018 ) ඇමෙරිකන් ආර්ථිකයේ විශාල ප්‍රගතියක් දකින්නට ලබුණා. යළිත් වරක් ඇමෙරිකානු බැංකුවල ආයෝජකයන්ට ලබාදෙන පොලී අනුපාතය ඉහළ දැමීමත් සමඟ බොහෝ ආයෝජකයන් යළි වතාවක් තම ආයෝජන මුදල් යළිත් ඇමෙරිකාවට ගෙන යන්නට පටන් ගත්තා. ඇමෙරිකානු ඩොලරය තවත් ශක්තිමත් වුණා. මේ නිසා ලංකාවේ පමනක් නොව අප වගේම දියුණු වන රටවල්, විශල ප්‍රමාණයක් මෙම ප්‍රශ්නයට පසුගිය මස කීපය තුළ මුහුණ දුන්නා.

මේ වනවිට රුපියල ස්ථවාර වෙමින් තිබෙනවා. අපේ අවට රටවල එනම් ඉන්දියාව ගත් විට රුපියලේ අව ප්‍රමාණය සියයට 11%ක් අපට වඩා විශල ප්‍රමාණයකින් මුදල අවප්‍රමාණය වුණා. මෙහිදී රජය බොහොම සාර්ථක ලෙස මුහුණ දී තිබෙනවා. මෙම අවප්‍රමාණය වළක්වා ගන්න විශාල වශයෙන් සංචිත මුදා හරින්න තිබුණා. එහෙත් අප එය යෙදවීම සීමා සහිතව කළේ. මේ මුදල් තියාගන්න ඕන රාජපක්ෂ ආණ්ඩුව තියලා ගිය ණය ගෙවන්න.

මේ වසරේ පමණක් රුපියල් ට්‍රිලියන 1.9ක් ගෙවන්න තිබෙනවා. එන වසරේ (2019) අපට රුපියල් ට්‍රිලියන 4කට වැඩි ප්‍රමාණයක් ගෙවන්න තිබෙනවා.ඒ ණය ගෙව ගන්න බැරි වුණොත් අජන්ටිනාව වාගේ වන්නේ. ඊයේ
පෙරේදා ඉපදුණ අත දරුවන් වගේ කතා කරන විපක්ෂයේ ඇතැමුන් මීට පෙර සිටිය මුදල් ඇමැතිතුමා වර්තමාන කුරුණෑගල දිස්ත්‍රික් පාරිලිමේන්තු මන්ත්‍රිතුමා පෙන්වන්න හදනවා, රුපියල මේ වගේ කවදාවත් අවප්‍රමාණය
වුණේ නෑ කියලා.

2012 දී මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයාට, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට එදා රුපියල අවප්‍රමණය වීම සියයට 14%කටත් වැඩි ප්‍රමාණයකින් අවප්‍රමාණය වීම වලක්වා ගන්න බැරි වුණා. මහ බැංකුවේ අපේ
විදේශ විනිමයෙන් ඩොලර් බිලියන 4.1ක් වැනි අතිවිශාල මුදලක් යොදවලා, ඩොලර් මිලියන 4100ක් වැනි මුදල් යොදවලත් එදා ශ්‍රී ලංකාවේ රුපියල මෑත ඉතිහාසයේ වැටුණ වැඩිම ප්‍රමාණය සටහන් වන්නේ ඒ කලයේ.

අප පහැදිළිව කියන්න කැමතියි,අද ලෝකයේ ඇතිවෙමින් පවතින නව තත්ත්වයන් හරහා පරිවර්තනයන් ඇති වුනත් අපි ශක්තිමත්ව ඉදිරියට ගෙන යනවා. අපේ ආර්ථිකය අවුරුදු හැට ගණනකට පසුව මේ වසරේ තම
ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් පෙන්නුවා.

ඉතිහාසයේ වැඩිම ප්‍රමාණයක් අපනයනය කළේ,පසුගිය අවුරුද්දෙයි.ඉතිහාසයේ වැඩිම මුදලක් සෘජු ආයෝජන හැටියට ලබුණේ පසුගිය වසරේයි. පසුගිය දා නිකුත් වූ සංඛ්‍යා ලේඛන අනුව අපේ වර්ධන වේගයත් සියයට 3.1% සිට 3.7% දක්වා වැඩි වී තිබෙනවා.

රුපියල අවප්‍රමාණය වීමෙන් යම් යම් අපහසුතාවන් ඇති වෙනවා.එහෙත් මෙයින් වාසි ලබන අයත් ඉන්නවා. විදේශ රටවල තම දහඩිය මහන්සියෙන් හම්බ කරන අයට තමන්ට ගෙදරට එවන මුදල වැඩි වෙනවා.පිටරට බදු යවන යට විශාල ආදායමක් ලබෙනවා. මේ තුළින් ලංකාව අපනයනය මුල් කරගත් ආර්ථිකයක් කර යෑමට විශාල ශක්තියක් තල්ලුවක් ලැබෙනවා. මෙය බලපාන්නේ පිටරටින් එන භාණ්ඩවලටයි.

හැකිතාක් දුරට මේ කාලය තුළ වාහන පිටරටින් ගෙන්වීම සීම කර ගන්න ඕන. සුඛෝපභෝගී භාණ්ඩ භාවිතය අඩු කරගත යුතුයි. ඒ තුළින් යළිත් වරක් රුපියල ස්ථාවර කරගෙන අපේ රට 2025 බලාපොරොත්තු වන පොහොසත් රටක් බවට පත් වන බව යැයි පැහැදිළිව කියන්න කැමතියි.

Post Views: 6
Previous Post

ඕන දේකට මම සුදානම් – ෆිල්ඩ් මාර්ෂල් සරත් CIDයෙන් පිටව යන විට කියයි

Next Post

රුපියල අවප්‍රමාණය වුණේ චීනය හා ඇමෙරිකාව අතර ඇති වෙළෙඳ යුද්ධය නිසයි ! ඇමැති මහින්ද කියයි

editor

editor

Next Post

රුපියල අවප්‍රමාණය වුණේ චීනය හා ඇමෙරිකාව අතර ඇති වෙළෙඳ යුද්ධය නිසයි ! ඇමැති මහින්ද කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved