• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආණ්ඩුව පෞද්ගලික සමාගමක බිලියන 5ක කොටස් ගන්න හදනවා – විපක්ෂනායකගෙන් අනාවරණයක්

7 July 2023
in දේශීය

මැතිවරණ පැවැත්වීමට රුපියල් බිලියන 10ක මූල්‍ය ප්‍රතිපාදන නොමැති බව පවසන ආණ්ඩුව රජයට සම්බන්ධ මූල්‍ය ආයතනයක් විසින් පෞද්ගලික ආයතනයක රුපියල් බිලියන 5ක කොටස් මිල දි ගැනීමට සූදානම් වීම ගැටලුකාරී බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී 27 (2) යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි.

මහජන බැංකුවේ අනුබද්ධිත ආයතනයක් වන පීපස්ල් ලිසින් සමාගම විසින් ප්‍රස්ට් කැපිටල් හෝල්ඩින් සමාගමේ සියයට 33ක කොටස් රුපියල් බිලියන 5ක මුදලකට ජනශක්ති සමාගමෙන් මිල දී ගැනීමට කැමත්ත පළ කර ඇති බව පසුගිය දිනක කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් නිවේදනය කළ බවත් කොටස් මිලියන 133ක් කොටසක් රුපියල් 37යි ශත 10කට මිල දි ගන්නා බවට වාර්තා වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරනවා කියන ආණ්ඩුව ජනතාවගේ මුදල් උපයෝගී කර ගෙන පෞද්ගලික ආයතනයක කොටස් මිල දී ගැනීම සම්බන්ධයෙන් සැකයක් මතුවන බවත් මෙවැනි ආයෝජනයක් සිදු කරන්නේ කුමන අරමුණකින්ද කියා ප්‍රශ්න කර සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා ප්‍රශ්න රැසක් ආණ්ඩුවට යොමු කරන ලදී.

Post Views: 6
Previous Post

ජනපති රනිල්ට නිදහස් පක්ෂයේ සහයෝගය ලබා දෙනවා – මන්ත්‍රී දුමින්ද

Next Post

පොලිස්පතිවරයා පත්කිරීම ඉතාමත් ඉක්මණින් – අගමැති

editor

editor

Next Post

පොලිස්පතිවරයා පත්කිරීම ඉතාමත් ඉක්මණින් - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved