27 April 2024
#දේශීය

කුමන ආර්ථික අභියෝග හමුවේ වුවද සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටීමට දෙන්නේ නැහැ – සෞඛ්‍ය ඇමති

රටේ ආර්ථික අභියෝග තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩාවැටීමට හෝ එම ක්ෂේත්‍රයේ පවතින අඩුපාඩු නිවැරදි නොකර ආර්ථික අර්බුදයට භාරදීමට කිසිසේත් සූදානම් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (02) පෙරවරුවේ නව වසර සඳහා වැඩ ආරම්භ කිරීම නිමිත්තෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ගේ වැඩ ආරම්භ කිරීම වෙනුවෙන් එම අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති වැඩසටහනේදීය.

සෞඛ්‍ය ක්ෂේත්‍රය සියලු ක්ෂේත්‍ර අභිබවා ගිය දැවැන්ත ක්‍රියාදාමයක් යැයිද එනිසා මෙම වසර තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින සියලු අභියෝග ජයගැනීමට සූදානම් යැයිද අමාත්‍යවරයා කීය.

සෞඛ්‍ය ක්ෂේත්‍රය මෑත කාලයේ මුහුණ දුන් බරපතලම අභියෝගය කොවිඩ් උවදුර බවත් එහෙත් වත්මනෙහි සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ දෙන්නේ ඉන් එහා අභියෝගයකට බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

එ් තුල කොවිඩ් ව්‍යසනය වෘත්තීමය වශයෙන් එම ක්ෂේත්‍රයට ජයගත හැකි අභියෝගයක් යැයිද එහෙත් වත්මන් අභියෝගය ආර්ථික ක්ෂේත්‍රය හා ගැටගැසුණු තත්ත්වයක් තුළ එයට මුහුණ දිය යුත්තේ කොවිඩ් ව්‍යසනයට මුහුණ දුන් ආකාරයට වඩා වෙනස් පසුබිමක් තුළ බවත් ඒ මහතා මෙහිදී කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *