• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කෘෂිකර්ම නවීකරණය කිරීමට රාජ්‍ය හා පෞද්ගලික අංශ අතර සහයෝගීතාවයේ වැදගත් – ජනපති

3 March 2024
in දේශීය, පුවත්
කෘෂිකර්ම නවීකරණය කිරීමට රාජ්‍ය හා පෞද්ගලික අංශ අතර සහයෝගීතාවයේ වැදගත් – ජනපති
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

කෘෂිකර්මාන්තය නවීකරණ කිරීමේ ප්‍රයත්නයන් සාර්ථක කර ගැනීම අරමුණු කරගත් පුළුල් ජාතික වැඩසටහනක් සකස් කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශ අතර සහයෝගයෙන් කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

අයවැය මඟින් ජාතික, පළාත් සහ ප්‍රාදේශීය මට්ටමින් වාර්ෂිකව ප්‍රතිපාදන වෙන් කළද රාජ්‍ය හා පෞද්ගලික ආයතන වෙන් වෙන් වශයෙන් කටයුතු කිරීම හේතුවෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීම ප්‍රමාද වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී මුහුණ දෙන අභියෝග ජයගැනීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික කෘෂි පර්යේෂණ ආයතන මෙන්ම විශ්වවිද්‍යාල පද්ධතියේද සහාය ලබා ගැනීමේ වැදගත්කම අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර සිටියේ ජනාධිපති කාර්යාලයේදී පසුගියදා පැවති කෘෂිකර්ම නවීකරණ වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.

රාජ්‍ය ප්‍රතිපත්තිවලට ගැළපෙන ලෙස බිම් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට හැකිවන පරිදි මෙම ජාතික වැඩසටහන සකස් කිරීමේ අවශ්‍යතාවද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන් අතර ඊට අදාළ ව්‍යාපෘති 26 කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙසද අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

රාජ්‍ය හා පෞද්ගලික අංශය මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ කෘෂි ව්‍යවසායකයන්ගෙන් සමන්විත ඒකාබද්ධ වැඩසටහනක් මඟින් මෙම අභියෝගය ජයගත හැකි බවත් එතුළින් කෘෂි අපනයන ආර්ථිකයක් ස්ථාපිත කිරීම තම අභිප්‍රාය බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතියේ ප්‍රගතිය සම්බන්ධව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණී සේනානායක මහතා විසින් මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කළ අතර මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී කෘෂිකර්මය වාණිජ මට්ටමකට ගෙන ඒම, කෘෂි ජෛව විවිධත්වය ආරක්ෂා කර ගැනීම සහ කෘෂිකාර්මික කටයුතුවල යෙදෙන පිරිස් උනන්දු කරවීම සඳහා එම භූමිවල ඉඩම් හිමිකාරීත්වය ලබාදීම සිදුවිය යුතු බව පෙන්වා දුන්නේය.

කෘෂිකර්ම නවීකරණ වැඩසටහන ක්‍රියාවට නැංවීමේදී මතුවන විවිධ බාධා හා සීමාවන් විසඳා ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ සභාපතීත්වයෙන් කැබිනට් අනු කමිටුවක් පිහිටුවීම අපේක්ෂා කරන බවද ඒ මහතා පැවසීය. තවද මේ වන විට දිස්ත්‍රික්ක 25න්ම තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 26ක නියමු ව්‍යාපෘති ආරම්භ කර ඇති බව සඳහන් කළ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිනි සේනානායක මහතා කෘෂි නවීකරණ ව්‍යාපෘති සඳහා සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම රුපියල් මිලියන 25ක් වෙන් කර ඇති බව සඳහන් කළේය. මේ වන විටත් තෝරාගත් සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් ව්‍යාපෘති යෝජනා ලැබී ඇති බවද ඔහු පැවසීය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක , ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් බී.එල්.ඒ.ජේ. ධර්මකීර්ති, වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් සමන් දර්ශන පාඬිකෝරාල, ධීවර අමාත්‍යාංශයේ ලේකම් කේ.එන් කුමාරි සෝමරත්න, තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ධර්ම ශ්‍රී කුමාරතුංග, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුළු රේඛීය අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් මෙන්ම ඩඩ්ලි සිරිසේන මහතා ඇතුළු කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නියැළෙන පෞද්ගලික අංශ නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාව සඳහා සහභාගී වූහ.

Post Views: 11,666
Previous Post

පොත් බෑග් නිසා විශාල ප්‍රමාණයක් කොඳු නාරටියේ ආබාධ සහිත දරුවන් බවට පත්වෙලා – ඇමැති විජයදාස

Next Post

“ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන 2024/25” සඳහා අයදුම්පත් කැඳවීම ඇරඹෙයි

editor ttvnews

editor ttvnews

Next Post
ජාත්‍යන්තර සමුළු දෙකක් ඇමතීම සඳහා ජනපති උගන්ඩාවට

“ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන 2024/25” සඳහා අයදුම්පත් කැඳවීම ඇරඹෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෝලීය වෙළඳපොලේ  බ්‍රෙන්ට් බොරතෙල් මිල  ඩොලර් 100 මට්ටමෙන් පහළට

ගෝලීය වෙළඳපොලේ බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 100 මට්ටමෙන් පහළට

1 April 2026
යුද්ධය නතර කිරීමට  ලෝක රාජ්‍ය නායකයන් මැදිහත් විය යුතුයි

යුද්ධය නතර කිරීමට ලෝක රාජ්‍ය නායකයන් මැදිහත් විය යුතුයි

1 April 2026
ලක්නව් සුපර් ජයන්ට්ස්  සහ දිල්ලි කැපිටල්ස්  අතර අයි.පී.එල්. තරගය අද

ලක්නව් සුපර් ජයන්ට්ස් සහ දිල්ලි කැපිටල්ස් අතර අයි.පී.එල්. තරගය අද

1 April 2026
මෙවර අලුත් අවුරුද්ද ජනතාවට  සුබ වෙන එකක් නැහැ

මෙවර අලුත් අවුරුද්ද ජනතාවට සුබ වෙන එකක් නැහැ

1 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විවාහ ගිවිස ගැනීම සැමරීමට ගිය කාන්තාවක  හදිසියේම මියයයි

විවාහ ගිවිස ගැනීම සැමරීමට ගිය කාන්තාවක හදිසියේම මියයයි

1 April 2026
2026 වසරේ මුල් මාස දෙකේදී  විදේශීය ජංගම ගිණුමේ  ඩොලර් මිලියන 487ක අතිරික්තයක්

2026 වසරේ මුල් මාස දෙකේදී විදේශීය ජංගම ගිණුමේ ඩොලර් මිලියන 487ක අතිරික්තයක්

1 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved