• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය බලගැන්වීමට ‘INSEE සත්කාර’ වැඩසටහන පෙරමුණ ගනී

12 July 2023
in ව්‍යාපාර

ශ්‍රී ලංකාවේ අති දක්ෂ පෙදරේරු ප්‍රජාව, කියා නිම කළනොහැකි තරමේ සුවිශේෂී ඉදිකිරීම් ව්‍යාපෘති හරහා නොමැකෙන සලකුණු තබා ඇති බව පැවසිය යුතුමය.

නමුත් ඔවුන් මෙම වෘත්තියෙහි නියැලෙන්නේ වෛද්‍ය හෝ රක්ෂණ අවශ්‍යතා මෙන් ම සිය කුසලතා වැඩිදියුණු කර ගැනීම සඳහා ප්‍රමාණවත් අවස්ථාවක් හෝ නොමැති ව බව ඔවුන් මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් සේ දැක්විය හැකිය.

මෙවැනි අභියෝග මධ්‍යයේ වුව ද සරත් වික්‍රමරත්න වැනි පෙදරේරුවෝ තම වෘත්තිය වෙනුවෙන් කැප වී සිටිති. ගම්පොළ ප්‍රදේශයේ ජීවත්වන සරත් වික්‍රමරත්න මහතා පසුගිය දශක හතරක කාලය තුළ පෙදරේරුවෙකු ලෙස කටයුතු කළේ සිය අනාගතය පිළිබඳ විශාල සැලසුම් ඇතිවය. ඔහුගේ පුත්‍රයා වයඹ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යාපනය ලබන අතර, දියණිය මොරටුව විශ්වවිද්‍යාලයේ රෙදිපිළි හා ඇඟලුම් ඉංජිනේරු විෂය ධාරාව හදාරමින් සිටී. තම දරුවන් දෙදෙනා ම උපාධිය ලබා ලොව සාර්ථක වනු දැකීම සරත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානතම අරමුණයි.

සරත් වික්‍රමරත්න මහතාගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට සවියක් වීම සඳහා INSEE සිමෙන්ති සමාගම ‘INSEE සත්කාර පෙදරේරු හිතකාමී වැඩසටහන’ හරහා ඒකාබද්ධ ශිෂ්‍යත්වයක් ලබා දීමට කටයුතු කරයි. ‘INSEE සත්කාර’ යනු දේශීය ඉදිකිරීම් කර්මාන්තය සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යන අංශ දෙකෙහි ම ප්‍රගමනයට සැලකිය යුතු දායකත්වයක් සපයන වැඩසටහනක් වන අතර, එම වැඩසටහන මගින් මූල්‍යමය, වෘත්තීයමය සහ සාමාජීය වශයෙන් සවි බල ගැන්වූ පෙදරේරු ශිල්පියෙකු නිර්මාණය කිරීම INSEE සිමෙන්ති සමාගමේ අරමුණයි.

“විශේෂයෙන් වර්තමානයේ රටේ පවතින අයහපත් ආර්ථික තත්ත්වයත් සමඟ ඉදිකිරීම් ක්ෂේත්‍රය වඩාත් අභියෝගාත්මක වී තිබෙනවා. මේ දිනවල මට වැඩ කරන්න ගොඩක් අවස්ථා නැහැ.” වික්‍රමරත්න මහතා පවසයි. “INSEE සිමෙන්ති ලබා දෙන ශිෂ්‍යත්ව අරමුදල මෙම දුෂ්කර කාලය තුළ මගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දිගට ම කර ගෙන යාමට ලොකු ශක්තියක් වුණා.” යනුවෙන් වික්‍රමරත්න මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

එන්.ජී. චූලානන්ද මහතාගේ දියණියට ද ඒ අයුරින් ම INSEE සත්කාර වැඩසටහනේ සහයෝගය හිමි විය. පෙදරේරු වෘත්තියේ දශක තුනක පළපුරුද්දක් සහිත, මාතර ප්‍රදේශයේ පෙදරේරුවෙකු වන චූලානන්ද මහතාට COVID-19 බලපෑම හේතුවෙන් රැකියාව අහිමි විය. 2021 වසරේ දී ඔහුගේ දියණිය කැලණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයට ඇතුළත් වූ අතර, INSEE සත්කාර වැඩසටහන හරහා ඇයගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට ශිෂ්‍යත්වයක් පිරිනමයි.
මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ නිපුණ ශ්‍රම බලකායක් ගොඩනැගීමේ අරමුණින් ක්‍රියාත්මක වන INSEE සත්කාර වැඩසටහන ශ්‍රී ලංකා ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරිය (NAITA) සමඟ සහයෝගයෙන් කටයුතු කරමින්, පෙදරේරුවන් වෙත ජාතික වෘත්තීය සුදුසුකම (NVQ) පිරිනමමින් ඔවුන් බල ගැන්වීමට සහයෝගය ලබා දෙයි.

“පෙදරේරු ප්‍රජාව යනු අපගේ වැදගත් ම පාර්ශ්වකරුවන්ගෙන් කොටසක්. ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධනය වෙනුවෙන් ඔවුන් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා. අපි ගොඩනැංවීමට උත්සාහ කරන පරිසරය අනාගතයේ දී ඔවුන්ගේ වෘත්තීය, සාමාජීය සහ මූල්‍ය වර්ධනය සඳහා අනිවාර්‍යයෙන් ප්‍රයෝජනවත් වනු ඇතැයි අපි විශ්වාස කරනවා.” යනුවෙන් INSEE සිමෙන්ති සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී යාන් කුනිග් මහතා ප්‍රකාශ කළේය.

වසර 16 ක පළපුරුද්දක් සහිත, පුත්තලම ප්‍රදේශයේ පෙදරේරු ශිල්පියෙකු වන සමීර ක්‍රිෂාන්ත මහතාට හිමි වූ NVQ සහතිකය ඔහුගේ කුසලතා වර්ධනය කර ගැනීමට බෙහෙවින් ඉවහල් විය. “මෙම වැඩසටහනට ස්තූතිවන්ත වන්නට, ඉදිකිරීම් ක්ෂේත්‍රය ආශ්‍රිත තාක්ෂණික ක්‍රියා පටිපාටි අවබෝධ කර ගැනීමට සහ නව දැනුම ලබා ගැනීමට මට අවස්ථාව ලැබුණා. මෙය ජාතික වශයෙන් පිළිගත් සහතිකයක් නිසා මට අනාගතයේ දී ඉදිකිරීම් හෝ ව්‍යාපෘති කළමනාකරණ සමාගමකට සම්බන්ධ වීමේ හැකියාව පවතිනවා.” යනුවෙන් ක්‍රිෂාන්ත මහතා පැවසුවේය.

INSEE සත්කාර වැඩසටහන බහු මුහුණුවරකින් යුක්ත වන අතර, එය නිර්මාණය කර ඇත්තේ පෙදරේරුවන්ගේ ජීවිත යහපත් ලෙස ගොඩනැංවීම වෙනුවෙනි. 2022 වසරේ දෙසැම්බර් මාසයේ දී INSEE සිමෙන්ති විසින් මෙරට ආර්ථික අර්බුදයේ බලපෑමෙන් පීඩාවට පත් වී සිටි පෙදරේරුවන් 400 දෙනෙකුට වියළි සලාක බෙදා දෙන ලදී. බෝපිටිය, පමුණුගම, තුඩැල්ල සහ ජා-ඇල ප්‍රදේශවල පෙදරේරුවන් සඳහා මෙසේ රුපියල් 3000 බැගින් වටිනා වියළි සලාක බෙදා දීම සිදු විය.

“බොහෝ පෙදරේරුවන්ට රැකියා අහිමි වී ආර්ථික දුෂ්කරතා රැසකට මුහුණ පා සිටින මොහොතක වගේ ම, ආහාර ද්‍රව්‍ය මිල දිනෙන් දින ඉහළ යමින් තිබූ අවස්ථාවක, අපට ලැබුණු මෙම වියළි සලාක ගොඩක් වටිනවා. ” යනුවෙන් වියලි සලාක හිමි වූ පෙදරේරුවෙකු වන කේ.ඩී. ලාල් මහතා ප්‍රකාශ කළේය.

 

පිටපත -PR

 

Post Views: 13
Previous Post

සංහිඳියාව ඇති කිරීම ඊළඟ පරම්පරාවට භාර නොදීම ජනපතිගේ අරමුණයි – ජනාධිපති ලේකම් සමන්

Next Post

රටේ ආර්ථික සංවර්ධනයේදී ගොවි ජනතාව අමතක කල නොහැකියි – අගමැති

editor

editor

Next Post

රටේ ආර්ථික සංවර්ධනයේදී ගොවි ජනතාව අමතක කල නොහැකියි - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved