27 April 2024
#දේශීය

මාතලේ පැරණි පොලිසිය පිහිටි ඉඩම ගැටලුව කඩිනමින් විසදනවා-මධ්‍යම ආණ්ඩුකාර කියයි

මාතලේ පැරණි පොලිස් ස්ථානය පිහිටි ඉඩමේ ගැටලුව කඩිනමින් විසදිමට පියවර ගන්නා බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.

මාතලේ පැරණි පොලිස් ස්ථානය පිහිටි ඉඩම මාතලේ මහ නගර සභාව වෙත පවරා දීම සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂාවක නිරත වීම සදහා පළාත් ආණ්ඩුකාරවරයා පසුගිය 2 දා කටයුතු කර තිබු අතර, ඒ අනුව එම නිරීක්ෂණයන් ද සැලකිල්ලට ගනිමින් එම ඉඩම සම්බන්ධයෙන් ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ගයන් සමබන්ධයෙන් වන සාකච්ඡාවක් ඉකුත්දා පැවැත්විණි.

මෙහිදි අදහස් දැක්වු ආණ්ඩුකාරවරයා කියා සිටියේ , අදාල ඉඩම සම්බන්ධයෙන් සති 02 ක කාලයක තුල පොලිස්පතිවරයාගෙන් අදහස් ලබා ගැනීම සදහා යෝජනා වූ අතර,එම යෝජනා ද සැලකිල්ලට ගනිමින් තීන්දුවක් වෙත යොමුවීමට තීරණය වු අතර වෙන් වෙන් වු ආයතන වශයෙන් නොව සමස්ථයක් වශයෙන් ජනතාවට වඩා කාර්යක්ෂම සේවයක් සැපයීම සදහා රාජ්‍ය ආයතන සහයෝගයෙන් යුතුව කටයුතු කිරීම වැදගත් වන බවයි. වසර ගණනාවක් මුලුල්ලේ පැවති ගැටලුවක් තව තවත් ආපස්සට නොදමා කඩිනම් විසදුමක් කරා යොමුවීමේ අවශ්‍යතාවය පවතින බවත්, සියලු කාරණා සැලකිල්ලට ගනිමින් වඩාත් විධිමත් ආකාරයේ තීන්දුවක් මෙම ඉඩම සම්බන්ධයෙන් ලබාගැනීම සිදුවිය යුතු බවත් ඒ මහතා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සදහන් කර සිටියේය.

මාතලේ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක, මාතලේ මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති අමිල නිරෝෂන් මහතා ඇතුළු මහජන නියෝජිතයින්,පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, නියෝජ්‍ය පොලිස්පති චන්දන අල‍හකෝන් ඇතුළු රාජ්‍ය නිළධාරී පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *