• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

මානව සම්පත් සංවර්ධනයේ දී ආගමික සංස්ථාවට පැවරෙන වගකීම අතිවිශාල බව අධ්‍යාපන ඇමැති පවසයි

15 September 2020
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රටේ සංවර්ධනය වෙනුවෙන් අපට ඇති සහජ සම්පත වන මානව සම්පත වඩාත් ක්‍රමවත්ව ගොඩනැඟීය යුතු බවත්, එහි දී රටේ ආගමික සංස්ථාවට විශාල වගකීමක් හා කාර්යභාරයක් පැවරෙන බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (15) පෙරවරුවේ මෙරට පිරිවෙන් අධ්‍යාපනය නඟාසිටුවීම වෙනුවෙන් නවක පරිවේණාචාර්යවරුන් 263 කට පත්වීම් (පැවිදි පත්වීම් 137ක්, ගිහි පත්වීම් 123ක් සහ සීල මාතා පත්වීම් 3ක් මීට ඇතුළත් ය.) ලබාදීම වෙනුවෙන් පැවති උත්සවයට එක්වෙමින්.

අපේ අධ්‍යාපන ක්‍රමය දීර්ඝ කාලයක් පුරා නවීකරණය වී නොමැති බවත්, නූතන රැකියා අවස්ථා සහ සිසුන් ලබාගන්නා අධ්‍යාපනය අතර විශාල පරතරයක් පවත්නා බවත්, ඉතිහාසයේ සිට ම පවත්නා සමාජ ක්‍රමයට වෛරකරන, අපේක්ෂා සුන් වූ මිනිසුන් ගොඩනැගෙන්නට හේතුව එය බවත්, මේ නිසා විෂයමාලා සංශෝධනය ඇතුළු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම ජාතික වගකීමක් වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

එමෙන් ම අමාත්‍යවරයා සඳහන් කළේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමේ දී දිස්ත්‍රික් මට්ටමින් සෑම සමාජ පාර්ශවයක ම අදහස්, සහ යෝජනා ලබාගන්නා අතර, විශේෂයෙන් ම ආගමික සංස්ථාවේ සහාය ඒ සඳහා ඉතා වටිනා බවයි.

නීති දැඩි කිරීමෙන් පමණක් රටක් යහපත් කිරීම සම්පූර්ණයෙන් කළ නොහැකි බව ද, දිනපතා මාධ්‍ය මගින් අසන්නට දකින්නට ලැබෙන මත්ද්‍රව්‍ය භාවිතය, ගිනි අවි භාවිතය, පාතාල ක්‍රියාවන් ඇතුළු විවිධ නීතිවිරෝධී සහ සාපරාධී කටයුතුවලට නීතිමය පියවර කෙතෙක් ගත්ත ද, ආධ්‍යාත්මික වශයෙන් මිනිසුන් ගොඩනැංවීම ඉතා වැදගත් වන බව ද, එය පෙරපාසල් අධ්‍යාපනයේ සිට ම අධ්‍යාපන පද්ධතිය තුළට ප්‍රවේශ කළ යුත්තක් බව ද මෙහි දී අමාත්‍යවරයා අවධාරණය කළේය.

පසුගිය වකවානුව තුළ ගමයි – පන්සලයි අතර සම්බන්ධය තරමක් දියාරු ස්වරූපයකින් පැවති බවත්, ඇතැම් පාර්ශව විසින් චේතනාන්විත ව ම එම තත්ත්වය ඇති කරන ලද බවත් පැවසූ අමාත්‍යවරයා, හැඟීම් නැති රොබෝවරුන් අධ්‍යාපනයෙන් බිහිකරනු වෙනුවට සමාජයට, සංස්කෘතියට ආදරය කරන මිනිසුන් තනන්නට බුදුදහම ප්‍රමුඛ කොටගත් ආගම් තුළින් විශාල පිටුබලයක් ලබාදිය යුතු බවද පැවසීය.

මෙම අවස්ථාවට කොළඹ, මාළිගාකන්ද විද්‍යෝදය පරිවේණාධිපති ආචාර්ය පූජ්‍ය බලංගොඩ සෝභිත නාහිමි, අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යක්ෂ පූජ්‍ය වටිනාපහ සෝමානන්ද හිමියන්, ජාතික පිරිවෙන් උපදේශක පූජ්‍ය දොඩම්පහල ශ්‍රී රාහුල හිමි ප්‍රමුඛ මහා සංඝ රත්නය ද, අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, දහම්පාසල්, භික්ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්ව විද්‍යාල රාජ්‍ය ලේකම් එස් එච් හරිස්චන්ද්‍ර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

 

Post Views: 2
Previous Post

ගිණි තැබු ක්‍රිකට් පුහුණුවීම් තණතිරු අලුත්වැඩියාවට ඇමැති නාමල් මැදිහත් වෙයි

Next Post

ඊශ්‍රාලයට ශ්‍රමිකයන් යැවිම රජයෙන් පමණයි

editor

editor

Next Post

ඊශ්‍රාලයට ශ්‍රමිකයන් යැවිම රජයෙන් පමණයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රුපියල සුළු වශයෙන් ශක්තිමත් වෙයි

රුපියල සුළු වශයෙන් ශක්තිමත් වෙයි

5 June 2025
අද වහින්නේ මෙහෙමයි

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

5 June 2025
ආයෙත් මාස්ක් දාන්න ඕනෙමද ?

ආයෙත් මාස්ක් දාන්න ඕනෙමද ?

5 June 2025
කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

4 June 2025

Recent News

රුපියල සුළු වශයෙන් ශක්තිමත් වෙයි

රුපියල සුළු වශයෙන් ශක්තිමත් වෙයි

5 June 2025
අද වහින්නේ මෙහෙමයි

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

5 June 2025
ආයෙත් මාස්ක් දාන්න ඕනෙමද ?

ආයෙත් මාස්ක් දාන්න ඕනෙමද ?

5 June 2025
කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

4 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රුපියල සුළු වශයෙන් ශක්තිමත් වෙයි

රුපියල සුළු වශයෙන් ශක්තිමත් වෙයි

5 June 2025
අද වහින්නේ මෙහෙමයි

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

5 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved