• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

මානව සම්පත් සංවර්ධනයේ දී ආගමික සංස්ථාවට පැවරෙන වගකීම අතිවිශාල බව අධ්‍යාපන ඇමැති පවසයි

15 September 2020
in සංවර්ධන
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

රටේ සංවර්ධනය වෙනුවෙන් අපට ඇති සහජ සම්පත වන මානව සම්පත වඩාත් ක්‍රමවත්ව ගොඩනැඟීය යුතු බවත්, එහි දී රටේ ආගමික සංස්ථාවට විශාල වගකීමක් හා කාර්යභාරයක් පැවරෙන බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (15) පෙරවරුවේ මෙරට පිරිවෙන් අධ්‍යාපනය නඟාසිටුවීම වෙනුවෙන් නවක පරිවේණාචාර්යවරුන් 263 කට පත්වීම් (පැවිදි පත්වීම් 137ක්, ගිහි පත්වීම් 123ක් සහ සීල මාතා පත්වීම් 3ක් මීට ඇතුළත් ය.) ලබාදීම වෙනුවෙන් පැවති උත්සවයට එක්වෙමින්.

අපේ අධ්‍යාපන ක්‍රමය දීර්ඝ කාලයක් පුරා නවීකරණය වී නොමැති බවත්, නූතන රැකියා අවස්ථා සහ සිසුන් ලබාගන්නා අධ්‍යාපනය අතර විශාල පරතරයක් පවත්නා බවත්, ඉතිහාසයේ සිට ම පවත්නා සමාජ ක්‍රමයට වෛරකරන, අපේක්ෂා සුන් වූ මිනිසුන් ගොඩනැගෙන්නට හේතුව එය බවත්, මේ නිසා විෂයමාලා සංශෝධනය ඇතුළු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම ජාතික වගකීමක් වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

එමෙන් ම අමාත්‍යවරයා සඳහන් කළේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමේ දී දිස්ත්‍රික් මට්ටමින් සෑම සමාජ පාර්ශවයක ම අදහස්, සහ යෝජනා ලබාගන්නා අතර, විශේෂයෙන් ම ආගමික සංස්ථාවේ සහාය ඒ සඳහා ඉතා වටිනා බවයි.

නීති දැඩි කිරීමෙන් පමණක් රටක් යහපත් කිරීම සම්පූර්ණයෙන් කළ නොහැකි බව ද, දිනපතා මාධ්‍ය මගින් අසන්නට දකින්නට ලැබෙන මත්ද්‍රව්‍ය භාවිතය, ගිනි අවි භාවිතය, පාතාල ක්‍රියාවන් ඇතුළු විවිධ නීතිවිරෝධී සහ සාපරාධී කටයුතුවලට නීතිමය පියවර කෙතෙක් ගත්ත ද, ආධ්‍යාත්මික වශයෙන් මිනිසුන් ගොඩනැංවීම ඉතා වැදගත් වන බව ද, එය පෙරපාසල් අධ්‍යාපනයේ සිට ම අධ්‍යාපන පද්ධතිය තුළට ප්‍රවේශ කළ යුත්තක් බව ද මෙහි දී අමාත්‍යවරයා අවධාරණය කළේය.

පසුගිය වකවානුව තුළ ගමයි – පන්සලයි අතර සම්බන්ධය තරමක් දියාරු ස්වරූපයකින් පැවති බවත්, ඇතැම් පාර්ශව විසින් චේතනාන්විත ව ම එම තත්ත්වය ඇති කරන ලද බවත් පැවසූ අමාත්‍යවරයා, හැඟීම් නැති රොබෝවරුන් අධ්‍යාපනයෙන් බිහිකරනු වෙනුවට සමාජයට, සංස්කෘතියට ආදරය කරන මිනිසුන් තනන්නට බුදුදහම ප්‍රමුඛ කොටගත් ආගම් තුළින් විශාල පිටුබලයක් ලබාදිය යුතු බවද පැවසීය.

මෙම අවස්ථාවට කොළඹ, මාළිගාකන්ද විද්‍යෝදය පරිවේණාධිපති ආචාර්ය පූජ්‍ය බලංගොඩ සෝභිත නාහිමි, අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යක්ෂ පූජ්‍ය වටිනාපහ සෝමානන්ද හිමියන්, ජාතික පිරිවෙන් උපදේශක පූජ්‍ය දොඩම්පහල ශ්‍රී රාහුල හිමි ප්‍රමුඛ මහා සංඝ රත්නය ද, අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, දහම්පාසල්, භික්ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්ව විද්‍යාල රාජ්‍ය ලේකම් එස් එච් හරිස්චන්ද්‍ර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Post Views: 12
Previous Post

ගිණි තැබු ක්‍රිකට් පුහුණුවීම් තණතිරු අලුත්වැඩියාවට ඇමැති නාමල් මැදිහත් වෙයි

Next Post

ඊශ්‍රාලයට ශ්‍රමිකයන් යැවිම රජයෙන් පමණයි

editor

editor

Next Post

ඊශ්‍රාලයට ශ්‍රමිකයන් යැවිම රජයෙන් පමණයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දුම්රිය වෘත්තීය සමිති අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක සංකේත වර්ජනයක් ආරම්භ කරයි

දුම්රිය වෘත්තීය සමිති අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක සංකේත වර්ජනයක් ආරම්භ කරයි

16 September 2026
2026 ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයට Dialog Axiata PLC  අනුග්‍රහය

2026 ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයට Dialog Axiata PLC අනුග්‍රහය

16 September 2026

ශ්‍රී ලංකා රේගු ආදායම 2026 වසර සඳහා රුපියල් ට්‍රිලියන 2 ඉක්මවා යයි

16 September 2026
ලෝක හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය රුමේෂ් තරංග විසින් තවදුරටත් රඳවා ගනු ලබයි

ලෝක හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය රුමේෂ් තරංග විසින් තවදුරටත් රඳවා ගනු ලබයි

16 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සෞදි අරාබියේ බටහිර කලාපයේ ශ්‍රී ලාංකිකයින්ට හදිසි ආරක්ෂිත උපදෙස්

සෞදි අරාබියේ බටහිර කලාපයේ ශ්‍රී ලාංකිකයින්ට හදිසි ආරක්ෂිත උපදෙස්

15 September 2026
ටර්කිෂ් එයාර්ලයින්ස් වන්දි ගෙවයි

ටර්කිෂ් එයාර්ලයින්ස් වන්දි ගෙවයි

15 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved