• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් Channel 4 හි අසත්‍ය චෝදනා නිල වශයෙන් ප්‍රතික්ෂේප කරනවා – ආරක්ෂක අමාත්‍යංශය

9 September 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් Channel 4 හි අසත්‍ය චෝදනා නිල වශයෙන් ප්‍රතික්ෂේප කරන බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

ඒ සම්බන්ධයෙන් එම අමාත්‍යංශය මාධ්‍ය වෙත මෙලෙස නිවේදනයක් නිකුත් කර තිබේ.

ආරක්‍ෂක අමාත්‍යාංශය: පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් Channel 4 හි අසත්‍ය චෝදනා නිල වශයෙන් ප්‍රතික්ෂේප කිරීම

ළමුන් සහ විදේශිකයන් ඇතුළු අහිංසක ජීවිත 270 කට ආසන්න පිරිසකගේ ජීවිත බිලිගත් ලොවම කම්පා කළ 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය, ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර ප්‍රජාව භීතියෙන් බලා සිටියහ. මෙම ව්‍යසනයෙන් පසුව, ශ්‍රී ලංකා රජය, නීතිය ක්‍රියාත්මක කරන ආයතන, ආරක්‍ෂක අංශ සහ ජාත්‍යන්තර විමර්ශන ආයතන පුළුල් පරීක්ෂණ දියත් කළේය. වසර ගණනාවක් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් කරන ලද මෙම පරික්‍ෂණ තුලින් නිරන්තරයෙන් පෙන්වා දී ඇත්තේ මෙම භයංකර ඛේදවාචකයේ නිර්මාපකයින් සහරාන් හෂීම්ගේ නායකත්වයෙන් යුත් අයිඑස්අයිඑස් හා සම්බන්ධ කණ්ඩායම්වල සාමාජිකයින් බවයි.
කෙසේ වෙතත්, 2023 සැප්තැම්බර් 5 වන දින බ්‍රිතාන්‍යයේ Channel 4 නාලිකාව විසින් නිෂ්පාදනය කරන ලද නවතම වාර්තාවට ප්‍රතිචාර දැක්වීමට ආරක්‍ෂක අමාත්‍යාංශය කැප වි සිටී. පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම හමුදා බුද්ධි අංශයට සහ ශ්‍රී ලංකා රාජ්‍ය බුද්ධි සේවයේ වත්මන් අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් සුරේෂ් සලේ වෙත මෙම වාර්තාව මගින් පවරයි.
මෙම ප්‍රහාරය මෙහෙයවීම සහ බෝම්බකරුවන්ට සහය වීම යන චෝදනාව වසර 36ක් පුරා රට වෙනුවෙන් සේවයට කැපවූ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකුට එරෙහිව සිදු කිරීම ආරක්‍ෂක අමාත්‍යාංශය තරයේ හෙළා දකියි. මේජර් ජෙනරල් සුරේෂ් සලේ 2016 දෙසැම්බර් සිට 2018 දෙසැම්බර් දක්වා මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය-උපදේශකවරයා ලෙස සේවය කළේය. ඔහු 2019 ජනවාරි 3 වන දින ඉන්දියාව බලා පිටත්ව ගොස් දිල්ලිහි ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ පාඨමාලාව අවසන් කර 2019 නොවැම්බර් 30 දින නැවත ශ්‍රී ලංකාවට පැමිණියේය. Channel 4 නාලිකා වාර්තාවේ සඳහන් කාල සීමාව තුළ මෙම නිලධාරියා කිසි දිනෙක ශ්‍රී ලංකාවේ සිටියේ නැත. තවද, ඉහත සඳහන් කාල සීමාව තුළ (2016 දෙසැම්බර් සිට 2019 නොවැම්බර් දක්වා) මෙම නිලධාරියා මෙරට බුද්ධි හා ආරක්‍ෂක අංශවල සේවය නොකළ අතර, එම ක්ෂේත්‍රවල නිලතල හා වගකීම් දරා නැත. පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ කිසිදු ත්‍රස්තවාදියෙකු රජයේ වැටුප් ලේඛනයේ නොසිටි බවද ආරක්‍ෂක අමාත්‍යාංශය යළි අවධාරණය කරයි. එබැවින්, මෙම සාහසික චෝදනා ආරක්‍ෂක අමාත්‍යාංශය තරයේ ප්‍රතික්ෂේප කරන අතර එවැනි ද්වේෂසහගත සහ තහවුරු නොකළ ආඛ්‍යානයක් ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් Channel 4 නාලිකාව වෙත සිය බලවත් අප්‍රසාදය ප්‍රකාශ කරයි.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව, බලයට පත් ශ්‍රී ලංකා රජයන් සත්‍යය හෙළිදරව් කිරීම සඳහා නොසැලෙන කැපවීමක් පෙන්නුම් කර ඇත. දේශීය මෙන්ම ජාත්‍යන්තර වෘත්තීය ආයතන විසින් මේ සබැඳිව පවත්වනු ලබන විනිවිද භාවයෙන් යුත් පරීක්‍ෂණ සඳහා පහසුකම් සලසා ඇත. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව, ත්‍රස්ත විරෝධී විමර්ශන අංශය සහ ජනාධිපති විමර්ශන කොමිසමේ නිවැරදි ක්‍රමවේදයන් ඇතුළු මෙම විමර්ශන මගින් ප්‍රහාරය සම්බන්ධයෙන් වන අන්තවාදී කල්ලියේ වගකීම නිරතුරුවම තහවුරු කර ඇත. මීට අමතරව, ජාතික ආරක්‍ෂාව පිළිබඳ ආංශික අධීක්‍ෂණ කාරක සභාව ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමේ ක්‍රියාමාර්ග යෝජනා කිරීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇත.
එපමනක් නොව, ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) සහ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) විසින් සිදු කරන ලද විස්තීර්ණ විමර්ශනය, එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව විසින් පසුව ලබා දුන් තීන්දුව මඟින් ද දේශීය පරීක්ෂණවල සොයාගැනීම් නැවත තහවුරු කළේය. ජාත්‍යන්තර විමර්ශන ආයතනයක මෙම ප්‍රබල අනුමැතිය විමර්ශනයේ නිරවද්‍යතාවය සහ අඛණ්ඩතාව තවදුරටත් සනාථ කරයි.
මෙවැනි පැහැදිලි ස්ථාවරයන් නොතකා, Channel 4 නාලිකාවේ පටු අරමුණු සහ දුෂ්ට හැසිරීම අසමගියේ බීජ වැපිරීමෙන් ශ්‍රී ලාංකීය සමාජය විනාශ කරනවා පමණක් නොව, තම අවංකභාවය සහ වගකීම අධිෂ්ඨානශීලීව තහවුරු කළ අයගේ කීර්තිය හා ආරක්‍ෂාව නිර්ලජ්ජිත ලෙස අනතුරේ හෙළයි.
ආරක්‍ෂක අමාත්‍යාංශය ඕනෑම පුද්ලයෙකුගේ හෝ ආයතනයක අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ගරු කරන අතර ගවේෂණාත්මක මාධ්‍යවේදී කාර්යයේ වැදගත්කම තහවුරු කරන බව කිව යුතුය. Channel 4 නාලිකාව විසින් සිදු කරන ලද පදනම් විරහිත, ද්වේෂසහගත සහ දුර්වල ලෙස සනාථ කරන ලද ප්‍රකාශයන්ගෙන් පැන නගින ඕනෑම අනපේක්ෂිත ක්‍රියාවක් හෝ ප්‍රතිවිපාක සඳහා Channel 4 නිසැකවම වගකිව යුතු බව ආරක්‍ෂක අමාත්‍යාංශය තරයේ කියා සිටි. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශය මෙම අසත්‍ය චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර සත්‍යය, යුක්තිය සහ ජාතියේ යහපැවැත්ම සඳහා රජයේ නොසැලෙන කැපවීම ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් නැවත අවධාරණය කරයි.

Post Views: 2
Previous Post

ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය තුළ තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමවේදයන් ප්‍රවර්ධනය කරයි

Next Post

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට චීන ඉංජිනේරුවන් බඳවාගන්නේ නෑ – ලංකා විදුලිබල මණ්ඩලය

editor

editor

Next Post

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට චීන ඉංජිනේරුවන් බඳවාගන්නේ නෑ - ලංකා විදුලිබල මණ්ඩලය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved