• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පොල් පැළ ලක්ෂ 40ක් සිටුවීමේ “දොරින් දොරට කප්රුක” ජාතික වැඩසටහන ජනපති සහභාගීත්වයෙන් ඇරඹේ

10 July 2021
in සංවර්ධන

පොල් පැළ ලක්ෂ 40ක් සිටුවීමේ “දොරින් දොරට කප්රුක” ජාතික වැඩසටහන අද (10) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් හලාවත වැවිලි සමාගමට අයත් දංකොටුව බුජ්ජම්පොළ, වැලිකැටිය වතු යායේ දී ආරම්භ කෙරිණ.

වැඩසටහන මගින් ගෙඩි මිලියන 2800ක් පමණ වන වාර්ෂික පොල් අස්වැන්න ගෙඩි මිලියන 3600ක් දක්වා වර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ. එම ඉලක්කය සපුරා ගැනීමේ අරමුණින් දිවයින පුරා පොල් පැළ ලක්ෂ 40ක් සිටුවීමේ “දොරින් දොරට කප්රුක” ජාතික වැඩසටහන වැවිලි අමාත්‍යාංශය, පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදනය හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය සහ පොල් වගා කිරීමේ මණ්ඩලය එක්ව සංවිධාන කරයි.

කාලයක් පුරා ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉහළින් තබා ගැනීමට තේ, පොල්,රබර් යන අපනයන භෝග සමත් විය. අනාගතයේ දීත් එම අවකාශය දිනා ගනිමින් පොල් වගාව හා ඒ ආශ්‍රිත නිෂ්පාදනයන් ප්‍රවර්ධනයට “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් විශේෂ අවධානයක් යොමු කෙරිණ.

පොල් පැළ මිලියනයක් සමෘද්ධිලාභීන්ටත්, මිලියන දෙකක් සහනාධාර යටතේ සහ මිලියනයක් කැමති ඕනෑම අයෙකුට මිලදී ගෙන වගා කළ හැකි අයුරින්, ඉදිරි වසර තුළ පැළ ලක්ෂ 40ක් සිටුවීමේ ඉලක්කය සපුරා ගැනීමට අපේක්ෂා කෙරේ.

එහි සමාරම්භය සනිටුහන් කරමින් වැලිකැටිය වතුයායේ පොල් පැළයක් රෝපණය කිරීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණ. මැති ඇමතිවරු ද ජනාධිපතිවරයා සමග පොල් පැළ රෝපණයට එක්වූහ. ජාතික වැඩසටහනට සමගාමීව මුළු දිවයිනම ආවරණය වන පරිදි පොල් පැළ සිටුවීම හා පැළ බෙදාදීම සියලු අමාත්‍යාංශ මගින් සිදු කෙරිණ.

කාබනික පොහොර යොදාගනිමින් පුරන් කුඹුරු ආශ්‍රිත “ඇලි වැටි” ක්‍රමයට පොල් වගා කෙරුණු බිමක් ජනාධිපතිවරයා නිරීක්ෂණයට ලක් කළේය.

පොල් වගාවට යොදාගත හැකි කාබනික පොහොර නිෂ්පාදන ක්‍රම, යන්ත්‍රෝපකරණ, පවතින පොල් ඉඩම්වල ඵලදායීතාව ඉහළ නැංවීමේ අරමුණින් කෙරෙන පාංශූ පුනරුත්ථාපන කටයුතු, ජලය යොදන ආකාරය, අතුරු භෝග වගාව, ආදර්ශ බීජ පොල් තවාන, පොල් වගාව ආශ්‍රිත රෝග හා පළිබෝධ සායනය සහ කප්රුක සමිති සාමාජිකයන්ගේ ප්‍රදර්ශන කුටි ජනාධිපතිවරයා විසින් නිරීක්ෂණය කරනු ලැබිණ.

අනතුරුව ලුණුවිල පොල් පර්යේෂණ ආයතනය වෙත පැමිණි ජනාධිපතිවරයා පොල් නිෂ්පාදන සහ පොල් කිරි නිෂ්පාදන දිරිගැන්වීම සඳහා වන උපදේශනාගාරය නැරඹීය.

වැඩසටහනට සමගාමීව පොල් පර්යේෂණ ආයතන භූමියේ සංවිධාන කර තිබූ උත්සවයේ දී ප්‍රතිලාභීන් 15 දෙනෙකුට සංකේතාත්මකව සහනාධාර හා කෘෂි උපකරණ බෙදාදීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණ. හලාවත වැවිලි සමාගමේ සභාපති ජූඩ් පෙරේරා මහතා සිය සමාගම 2020 වසරේ උපයාගත් ලාභයෙන් මිලියන 10ක මුදලක් මහ භාණ්ඩාගාරයට බැර කිරීමට ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබීය.

අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, සනත් නිශාන්ත, ප්‍රියංකර ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක ප්‍රියන්ත, චින්තක මායාදුන්නේ යන මහත්වරු, අමාත්‍යාංශ ලේකම්වරු, රේඛීය ආයතනවල නිලධාරීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

Post Views: 3
Previous Post

ආගමික ස්ථාන විවෘතයි … මංගල උත්සව සඳහා 150 කට අවසර -සංචරණ සීමා ලිහිල් කරයි

Next Post

සඳහිරු සෑ කෞතුකාගාරය සඳහා මුල්ගල තැබේ

editor

editor

Next Post

සඳහිරු සෑ කෞතුකාගාරය සඳහා මුල්ගල තැබේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved