27 April 2024
#දේශීය

ආගමික ස්ථාන විවෘතයි … මංගල උත්සව සඳහා 150 කට අවසර -සංචරණ සීමා ලිහිල් කරයි

කොරෝනා වෛසරය පනවා තිබු සංචරණ සිමා සීමා ලිහිල් කරමින් නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් නිකුත් කර ඇති මෙම මාර්ගෝපදේශ දැනට පවතින අන්තර් පළාත් සංචරණ සීමාකිරීම් තවදුරටත් දින 14ක් සඳහා දීර්ඝ කෙරේ.
පන්සල්, පල්ලි හා කෝවිල් ආදී පූජනිය ස්ථාන විවෘත කිරීමට අවසර ලබා දී තිබෙන අතර මංගල උත්සව පැවැත්වීමට අවසර ලබාදී ඇති අතර එය ශාලාවේ ආසන ධාරිතාවෙන් සියයට 25ක් වන පරිදි හෝ උපරිම පුද්ගලයින් 150ක සංඛ්‍යාවකට යටත්ව පැවැත්විය හැකිය.

කොවිඩ් ආසාදිත නොවන මෘතදේහවල අවමංගල්‍ය කටයුතු සඳහා අවසර හිමි වන අතර අදාළ දේහය මුදාහැර පැය 24ක් ඇතුළත අවසන් කටයුතු සිදුකළ යුතු වේ. ඒ සඳහා පුද්ගලයින් 50 දෙනෙකුට සහභාගි විය හැකි බව ද නව සෞඛ්‍ය මාර්ගෝපදේශවල සඳහන් වේ.

ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ සම්පූර්ණ නව මාර්ගෝපදේශ මාලාව පහතින් දැක්වේ.

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *